Monday 22 October 2018

❤️ හඬනා ඔය නෙත් ❤️ 

💜 03 කොටස

********* 

" ශෙනා මගේ තාත්තා ගැන මොකක්ද ඔයාට කියන්න තියෙනෙන්? ' ශෙනා හිමින් සැරේ ඔලුව උස්සලා සතීෂ දිහා බැලුවා. ඒ ඇස් වල ලාවට කදුලක් මෝදු වෙලා තියනවා දැකලා හැමෝම ගැස්සුනා. 

" ඔයාගෙ තාත්තා ජීවත් වෙනවා. " ශෙනා ගේ හඬින් සතීෂ ගල් ගැහුනා වගේ වුනා. එයාට අදහ ගන්න බෑ ශෙනා කිව්ව දේ. 

ඔයාගේ තාත්තා ජීවත් වෙනවා... සතීෂට ඒ හඬ දෝංකාරය දෙනවා වගේ. 

" ලයියා සතීෂ මහත්තයගේ ගෙදරට යන පාර උඹ දන්නවා නේද? " ශෙනා අහද්දි ලයියා කියන කෙනා හිස වැනුවා. 

" යමු. " 

**********

වාහනේක සද්දෙ ඇහුන නිසා මදුමාලි ඉස්සරහ දොර ගාවට ගියේ ආවේ පුතා කියලා හිතලා. ඒත් ගේට්ටුවෙන් ඇතුලට දාපු ඒ නවීන් පන්නයේ වාහනය දැකපු මදුමාලි කුතුහලෙන් වගේම බයෙන් ඒ දිහා බැලුවේ. ඒත් පිටිපස්සෙ දොරෙන් බැහැල ආපු සතීෂ දැකලා මදුමාලිට ලස්සන හිනාවක් ආවා. 

පුතා අද යාලුවෙක්ගෙ කාර් එකෙන් ඇවිල්ලා. ඒත් ඇයි මට මගේ සතීෂ් ලග ඉන්නවා වගේ දැනෙන්නේ.... මදුමාලි කල්පනා කරා. 

" පුතා... අද යාලුවෙක් එක්ක ආවාද? " මදුමාලි ඇහුවේ පුතා ලගට යන ගමන්

" ම්ම්ම් ඔව් අම්මා.. " මදුමාලි පුතාගේ මූණ දිහා හොදට බැලුවා. මදුමාලි කලබලෙන් සතීෂ ගේ මූණ ඇල්ලුවේ. 

" ඇයි පුතා මේ .. මොකක් හරි ප්රශ්නයක්ද? " මවට පිලිතුරු නොදුන් ඔහු කාර් එක බැලුවා. මදුමාලිත් පුතා එක්කම ඇස් යැව්වේ කාර් එක දිහාට. කාර් එකෙන් බැහැලා ආපු කෙනා දැකලා මදුමාලිට ඇස් අදහා ගන්න බෑ. 

මොහොතක් හුරුපුරුදු ඇස් දෙකක් එකිනෙකට මුණ ගැහුනා. ඒත් ඒ කාන්තා දෙඇස් වලට පිරිමි දෙඇස් වලින් එල්ල වුණ කාන්තිය දාරගත නොහැකිව දෝ ඒ ඇස් පිහිටු බර වෙලා පියවිලා ගියා. 

මදුමාලි සිහිනැතිව වැටෙද්දි ලඟම හිටපු සතීෂ අම්මව වැටෙන්න නොදී අල්ල ගන්නවා. ශෙනා කිසිම කලබලයක් නැතුව සතීෂ අල්ලගෙන හිටපු මදුමාලි ලගට ඇවිත් ඇයව ඔසවගත්තා. ඒ පිරිමි දෙඇස් වල තිබුණු කඳුලු වලට සතීෂ ගේ මුළු හිතම හොල්ලන්න පුලුවන්න වුනා. 

කිසිත් නොකීයූ ශෙනා ඇයව ඔසවාගෙන නිවසට ඇතුලට යද්දි ඔහුව අනුගමනය කරමින් සතීෂ ද නිවස ඇතුලට ආවා. සෙටි එකෙන් වාඩි වුන ශෙනා මදුමාලිව තුරුලට ගන්නේ සතීෂ ඉන්නවා කියලා ගාණක් නැතුව. 

මේ මගේ තාත්තද?……… සතීෂගෙ හිත සතීෂගෙන්ම අහනවා. 

මොහිතකින් මදුමාලිට සිහිය එද්දි ඇය සෙමෙන් හිස ඔසවලා වටපිට බලනවා. තම පුතු ඉස්සරහින් වාඩි වෙලා අඬනව දැකලා මදුමාලිට හිතුනේ මදුමාලි හීනයක් දැක්කා කියලා. 

" මදූ " ඇයට ඇහුනෙ සිහින් කෙඳිරීමක්. ශනිකව පිටිපස හැරුණු ඇයට දකින්න හම්බුනේ කඳුලු පුරවන් බලන් ශෙනාව.

" සතිෂ්..? " ඇය පුදුමෙන් ඔහු දෙස මොහොතක් බලා සිටියා. 

" අනේ සතීෂ් " මොහොතකින් හරි සිහියට එලඹුනු ඇය ශෙනා හෙවත් සතීෂ්ට දැඩිව තුරුලු උනා. 

" මගේ දෙයියෝ ඔයා ජීවත් වෙනවා.. අනේ මගේ සතීෂ්..... අනේ මට මේක දරාගන්න බෑ.. " මදූ ශෙනා ගෙ මුලු මූණම සිපගත්තේ පිස්සුවෙන් වගේ. ඒත් ශෙනා නිහඬයි. ඒත් මොහොතකට ඇයට ආයි සියල්ල විනාශ වුනා වගේ දැනුනේ ශෙනා ඇයව ඔහුගේ තුරුලෙන් මෑත් කරහමයි. 

" සතීෂ් " මදුමාලි යමක් කීමට පැවසුවත් ඔහු අතින් සන් කොට ඇයව නැවතුවා. 

නැගිටගත් ඔහු නලල මිරිකමින් දෙපැත්තට ඇවිද්දෙ තවමත් මේ කිසිවක් අදහගත් නොහැකි නිසාම වෙන්න ඇති. විනාඩියෙන් විනාඩිය ගත වෙද්දි සතීෂ වගේම මදුමාලිත් ශෙනා දිහා දෑස් දල්වාගෙන බලාගෙන හිටියෙ.

පැයකට ආසන්න කාලයක් ඔහු කල්පනා කරමින් දෙපැත්තට ඇවිද්දේ තමා ලඟ සිටින දෙදෙනා අමතක කරමින්. එක්වරම මදුමාලි දිහා මෙන්ම සතීෂ දිහාත් බලපු ශෙනා දුක්බර සුසුමක් හෙලුවේ මදුමාලිගේ හිත කම්පා කරමින්. 

" මන් අද හැඟීම් වලට වහල් උනා. ශිට් අද මේ ගමන නොයෙන්නයි මට තිබ්බේ. " ඔහුගේ හඬින් සතීෂ වගේම මදුමාලිත් ගැස්සුනා. 

" මහත්තයෝ මොනාද මේ කියන්නේ? " මදුමාලි ඇහුවේ අඬන නෙත් ඔහු දෙසට යොමු කරන්. 

වෙනදා වගේම මදුමාලිගේ ඇස් වල තිබ්බ කඳුලු දැකලා ශෙනාගේ හිත ගැස්සුනත් ඔහු ඒක පිටතට පෙන්නුවේ නෑ. ඒත් සතීෂ් ගේ හැම හැසිරීමක්ම වගේම ඒ ඇස් කියවන්න පුලුවන් උන මදුමාලිට ගැස්සුන ශෙනාගෙ හදවත කියවන්න පුලුවන් උනා. 

මන් වරදක් කරා.... ශෙනාට හැඟී ගියා. 

" මදුමාලි, සතීෂ... ඔයාලගේ සතීෂ් මැරිලා ගොඩක් කල්. ශෙනා කියන පාතාල නායකයා තමා දැන් ඉන්නේ. මට සමාවෙන්න මදුමාලි. මන් හිතුවේ නෑ ඔයාලා ජීවත් වෙනවා කියලා. ඒත් දැන් ඔයාලා ජීවත් වෙනවා කියලා දන්නවා වුනත් මට ඔයාලා ගාවට එන්න බෑ. මොකද මන් දැන් මාතර ශෙනා. මට තියනවා අරමුණක් ඒ අරමුණ ඉශ්ට කරගන්නකන් මට ආපහු හැරෙන්න අවස්ථාවක් නෑ. අද මන් හැඟීම් වලට වහල් වෙලා මේ ගමන ආව එක වැරදියි. දැන් ඒක වෙලා ඉවරයි. සතීෂ ඔයාට මගෙනුත් මගේ ගෝලයන්ගෙනුත් කිසිම කරදරයක් වෙන්නේ නෑ. හැබැයි ඔයාගේ අනිත් ඔෆිසර්ස්ලට වෙන කරදර වලට මට මුකුත් කියන්න බෑ. මාව මරන්න චාන්ස් එකක් හම්බුනොත් ඒ චාන්ස් එක රුක්ශාන් ට හරි මලින්දට හරි දෙන්න. ඔයා තාත්ත මරලා පව් පුරෝගන්නවට මන් කැමති නෑ.." ශෙනා ගේ තියුණු දැඩි හඬ මුලු නිවස පුරාම දෝංකාරය දුන්නා. 

" අනේ මහත්තයෝ... " 

මදුමාලිට මේ වෙන කිසිම දෙයක් පැහැදිලි නෑ. 

අඬ අඬ හිටපු සතීෂ එක පාරටම නැගිටලා තුවක්කුව අතට ගත්තා. 

" ඔයා මගේ තාත්තා නෙමේ. මන් ඒක පිලිගන්නේ නෑ. මන් මේ ලෝකේ ගොඩක්ම ගරු කරපු ආදරේ කරපු පිරිමි චරිතේ ඔයා නෙමේ. ශෙනා මැරෙන්න ලෑස්ති වෙයන්... අද මන් මේ අවස්ථාව මිඩ් කරගන්නේ නෑ.. මන් මගේ රාජකාරිය හරියටම ඉශ්ට කරනවා. මගේ තාත්තා ගැන කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ.. " කෑ ගහලා එහෙම කියපු සතීෂ ශෙනා දිහාට තුවක්කුව එල්ල කලා. 

" පුතා එපා... " 

මදුමාලි ශෙනා ඉස්සරහට පැන්නත් ශෙනා මදුමාලුව අතින් එහාට තල්ලු කරා. තල්ලු කරපු පාරට මදුමාලි බිම වැටුනෙත් සතීෂ ගෙ තුවක්කුවෙන් ශෙනාට වෙඩි තිබ්බෙත් එකම වෙලාවෙදි. 

" අහ් " කියන හඬත් සමඟම කන් වගේම ඇස් දෙක තද කරලා පියාගත්ත මදුමාලිගෙ යටිගිරියත් හැමතැනම පැතිරුණා... 

... ඊලග කොටසින් හමුවෙමු ... 

තව කොටස් තුනක් හෝ හතරක් තමා තියෙන්නේ. අද කොටස හොදද මන්දා... ක්ලාස් එකේදි කලබලෙන් ටයිප් කරගත්තා. 

පෙර කොටසට 👇 
https://m.facebook.com/story.php?story_fbid=137692420528553&id=100028633866832

© කතෲ අයිතිය සුරකින්න. 

✒️ සිත්මි ✒️

❤️ හඬනා ඔය නෙත් ❤️

💜 02 කොටස

********* 

" ඔව් බන්... අපි ඉස්සරහට යමු... " එතකොටම මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පුන සතීෂ බිම වැටුනා.

සතීෂ ඒ මනුස්සයා දිහා බැලුවේ කේන්තියෙන්. ඒ මූණ දැක්ක සතීෂ ගෙ ඇස් මහත් වුනේ නොසිතූ මොහොතක සිදු වුන දේ හිතා ගන්න බැරුව.

" අනේ මහත්තයා සමාවෙන්න. මහත්තයට තුවාලද? " ඒ මිනිහා පිණ්සෙන්ඩු උනා.

" නෑ ප්රශ්නයක් නෑ.... ඔයාද සයිමන් කියන්නේ? " ඒ මිනිහගේ අතේ එල්ලිලා නැගිටින ගමන් සතීෂ ඇහුවේ නැවත ඒ මූණ තියුණු ලෙස නිරීක්ශනය කරමින්.

" ඔව් මහත්තයෝ... මහත්තයලද අර හම්බුවෙන්න එනවා කිව්ව පොලිසියේ මහත්වරු. " සයිමන් බිම බලාගෙන ඇහුවා.

" හ්ම්ම්ම් සයිමන් අපි යන් කතා කරන්න පුලුවන් තැනකට. "

" හරි මහත්තයෝ. "

මොකක්දෝ හේතුවකට සතීෂ ට සයිමන් ගැන අවිශ්වාසයක් හිතුනේ නෑ.

තාත්තගේ මූණමයි.... සතීෂ ට හිතුනේ එහෙම.

අම්මගෙන් ගිහින් අහන්න ඕනේ තාත්තට නිවුන් සහෝදරයෙක් හිටියද කියලා... සතීෂ නැවත වතාවක් සයිමන් ගේ මූණ දිහා බලන් හිතුවා.

" වාඩිවෙන්න මහත්තයෝ.. අපි වගේ අය මෙතනින් තමා ඉතින් කෑම ගන්නේ. " කට්ටියව සයිමන් ටිකක් විතර අපිරිසිදු කඩේකට එක්කන් ඇවිත්.

" කමක් නෑ මේ වගේ තැන් අපිටත් පුරුදුයි. " මලින්ද පිලුතුරු දුන්නා. කට්ටියම වාඩි වුනා.

" මහත්තයලට දැන් මොනාද දැනගන්න ඕනෙ? "

" අපිට ශෙනා ගැන හැමදෙයක්ම දැනගන්න ඕනේ. මට කලින් ඔෆිසර් කිව්වා ඔයා උදව් කරා. "

" ඔව් මහත්තයෝ.. "

" දැන් එතකොට ඇයි සයිමන් අපිට උදව් කරනෙනේ? සයිමන්ට මොකක් හරි තරහක් තියෙනවද ශෙනා එක්ක. "

" අනේ නෑ මහත්තයෝ... මොකක්ද මහත්තයෝ නම? "

" මම සතීෂ මේ රුක්ෂාන් මේ ඉන්නෙ මලින්ද. " සතීෂ නම් කිව්වහම සයිමන් ගැස්සෙනවා තුන්දෙනාම බලාගෙන.

" සතීෂ? "

" ඔව් සයිමන් මන් සතීෂ මදුමාල් වීරක්කොඩි. " සතීෂ සම්පූර්ණ නම කියද්දි සයිමන් පුදුමෙන් කට ඇරගෙන සතීෂ දිහා බලන් හිටියා.

දෙයියනේ මේ මොකක්ද මේ වෙන්නේ... සයිමන්ට හිතුනා.

" මහත්තයා සතීෂ් ශෙනාල් වීරක්කොඩි ගේ පුතාද? "

" ඔව් සයිමන් මගේ තාත්තාව දන්නවද? " සතීෂ් ද ඇහුවේ පුදුමෙන්. ඇහුව ගමන් සයිමන් කලේ නැගිටපු එක. නැගිටලා සතීෂ ගේ ඔලුවට තුවක්කුවක් තිබ්බා. සතීෂ තරහෙන් නැගිටිනකොට වටපිටේ හිටපු කට්ටියත් සතීෂලා දිහාට තුවක්කු දික් කරා.

" මොකක්ද තමුන්ට ඕනෙ? " සතීෂ ඇහුවේ කේන්තියෙන්.

" කතා කරන්න ඒත් මෙතන බෑ. සද්ද බද්ද නොකර මා එක්ක ආවනම් හොදයි. " සයිමන් එහෙම කියද්දි සතීෂ කටවහගත්තා.

" සයිමන් ඔයාට සතීෂ් අන්කල් එක්ක තරහක් තියනවද? " මලින්ද ඇහුවා.

" ඔව් ඒත් සතීෂ පුතා එක්ක මට තරහා නෑ. මන් සතීෂ් ගැන කියන්න එන්න කියන්නේ. බයවෙන්න එපා පුතාලා මන් ඔයාලට කිසි කරදරයක් කරන්නෙ නෑ. " නවීන පන්නයේ වාහනයක් කඩේ ගාව නැවැත්තුවා. සයිමන් ඒ දිහා බලලා ඇදගෙන හිටපු සරම ගැලෙව්වා. ඇදගෙන හිටපු හම්පඩ ටී සර්ට් එකත් ගැලෙව්වා. සතීෂලා කට ඇරන් බලන් හිටියේ. දැන් හිටියේ අලුත් සයිමන් කෙනෙක්. දුඹුරු දිග කලිසම, ගොම කොල පාට පටි තියෙන ශර්ට් එක සයිමන්ට නියම තේජසක් ගෙනාවා. සයිමන් ගාවට ආපු තලෙලු කෙට්ටු මනුස්සයෙක් සයිමන් දිහාට සපත්තු දෙකක් දික් කරා. සයිමන් ඒක දාගන්න වාඩි උනා.

" මොනාද බන් මේ වෙන්නේ? අපි හීනයකවත් දකිනවද? " රුක්ෂාන් සතීෂ ගේ කණට කොඳුරලා ඇහුවා.

" පිස්සුද මිනිහෝ අපි තුන්දෙනා එකම හීනේ දකිනව කියලාද කියන්න හදන්නේ. මෝඩ කතා නොකියා ඉන්නවා. මේක තාත්තා ගැන දෙයක් නිසා තමා මන් නිකන් ඉන්නේ. නැත්නම් මෙලහකට මන් මූව මරලා. " සතීෂ ද රුක්ෂාන් ට කෙදිරුවා.

" ඒකනම් එච්චර ලේසි වෙන්නේ නෑ කොල්ලෝ. මාව මරන එක ඔයාට ලේසි වෙන්නේ නෑ වගේම ඔයාට මන් මාව මරන්න ඉඩ දෙන්නෙත් නෑ. "

" ඇයි ඒ? " මලින්ද ඇහුවා.

" ඒ ඇයි ඒ කියලා පස්සේ දැනගන්න ලැබෙයි. දැන් ගිහින් අර කාර් එකට නගින්න. " සයිමන් කිව්වේ අණ කරන හඬකින්.

" නැග්ගේ නැත්තම්....? " සතීෂ අභියෝගාත්මක හඬකින් ඇහුවහම සයිමන් කටකොණකට හිනා උනා...

අම්මප ඒ හිනාවේ ලස්සන... මන් දන්න කෙල්ලෙක්ටවත් නෑනේ යකෝ මේ වගේ හිනාවක්........ සතීෂ හිතුවා.

" එහෙම වුනොත් සතීෂ ට තාත්තා ගැන දැනගන්න බැරිවේවි. එහෙම කැමතිනම් නැවතුනාට කමක් නෑ. "

" හරි එන්නම්... "

**********

සයිමන් සුවපහසු සුන්දර ඒත් පොඩි ගේකට කට්ටියවම එක්කගෙන ආවා.

" මේ මගේ නිගමනයමද උඹලත් දරන්නේ? " සතීෂ කටහඬ අඩු කරලා ඇහුවා.

" ඔව් මේකා තමා ශෙනා කියන්නේ. ආයි අටුවා ටීකා ඕනෙ නෑ. "

" අටුවා ටිකා කොහොමත් ඕනෙ නෑ බොල. මොකෝ ඒවයෙ ශෙනා කියලා එකෙක් ගැන ලියලා තියවනද නෑනේ. "

" කතාව නවත්තලා ඇතුලට ආවනම්... "

සතීෂයි රුක්ෂානුයි මලින්දයි වටපිට බල බල ගේ ඇතුලට ආවා. එතකොටම වගේ රොට්වයර් කලු ලොකු බල්ලෙකුයි ජර්මන් ශබඩ් බල්ලෙකුයි දුවගෙන ආවා. මුන් දෙන්නව දැක්කා විතරයි ගෑණියෙක් වගේ මලින්ද රුක්ෂාන් ගේ ඇගට පැන්නා. මේක දැක්ක සයිමන් වගේම සයිමන්ගේ ගෝලයො ටිකත් මහ හයියෙන් හිනා උනා. ඒකට මලින්දට ටිකක් ලැජ්ජ හිතුනද කොහෙද...

" ෂැඩෝ, බ්රෝව දෙන්නම යන්න කාමරේට.. මන් එන්නම් හොදේ. " සයිමන් බල්ලො දෙන්නා දිහා බලලා කිව්වහම බල්ලෝ දෙන්නා ගේ ඇතුලට දුවගෙන ගියා.

" හරි ඔය පුතාලා ටික වාඩි වුනා නම් " සයිමන් වාඩි වෙලා කිව්වහම මේ තුන්දෙනත් සයිමන් ඉස්සරහ තිබ්බ ලොකු සෙටි එකෙන් වාඩි උනා.

" දැන්වත් කියන්න තාත්තා ගැන මොනාද කියන්න තියෙන්න්නෙ කියලා.. "

" සතීෂ මන් කියන්නම් ඉවසන්න. මන් ඒ විස්තර කියන්න කලින් මට දැනගන්න ඕනෙ දේවල් වගයක් තියනවා. "

" මොනාද ඒ? "

" ඔයයි ඔයාගේ අම්මයි ජීවත් වෙන්නේ කොහොමද? මට ආරංචි උනේ ඔයාලා දෙන්නවත් තාත්තා වගේම මැරුවා කියලා. "

" නෑ ශෙනා තාත්ත ඒ මිෂන් එකේදි මැරුනහම අපිට ඩිපාර්ට්මන්ට් එකෙන් දැනුම් දුන්නා අපිට එහෙන් ඉවත් වෙන්න කියලා. අපිටත් මරණ තර්ජන තියනවා කියලා. එහෙම තමා අම්මා කිව්වේ. තාත්තා මැරෙනකොට මට අවුරුදු 4ක් වගේ. "

" ඔහ් මාව අදුරගෙන... හරි පුතාට තාත්තව මතකද? "

" ඔව් මට තාත්තව අමතක වෙන්නේ නෑ කවදාවත්.. ශෙනා ගෙ මූණත් තාත්තගෙ වගේමයි. ශෙනා තාත්තගෙ කවුද? "

" ඒකත් මන් පස්සෙ කියන්නම්. පුතා මට කියන්න එතකොට අම්මට කොහොමද ඔයාගේ? "

" අම්මනම් හැමදාම තාත්තව මතක් කරලා අඬනවා. පව් අම්මා. අම්මා හැමදාම කියන්නේ අම්මා ජීවත් වෙන්නේ මන් නිසා කියලා."

" දෙයියනේ.. " ශෙනා අත් දෙක ඔලුවෙ තියාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. කවුරුත් එයාට බාධා කරේ නෑ.. මොහොතින් මොහොත ගෙවිලා යද්දි සතීෂ ට තවත් ඉවසන් ඉන්න බැරිවෙච්ච නිසාම සතීෂ කට ඇරියා.

" ශෙනා මගේ තාත්තා ගැන මොකක්ද ඔයාට කියන්න තියෙනෙන්? ' ශෙනා හිමින් සැරේ ඔලුව උස්සලා සතීෂ දිහා බැලුවා. ඒ ඇස් වල ලාවට කදුලක් මෝදු වෙලා තියනවා දැකලා හැමෝම ගැස්සුනා.

" ඔයාගෙ තාත්තා ජීවත් වෙනවා. "

... ඊලග කොටසින් හමුවෙමු ...

නිදිමතින් ලිව්වේ හොදද මන්දා අප්පා. මේක කොටස් 5ක විතර කතාවක්. ගොඩාක් දිගට ලියලා පුරුද්දක් නෑ මට. හෙට උදේට දාන්න බැරිවෙයි මට ක්ලාස්. රෑට දාන්නම්.

පෙර කොටසට 👇

© කතෲ අයිතිය සුරකින්න.

✒️ සිත්මි ✒️

❤️ හඬනා ඔය නෙත් ❤️ 

💜 01 කොටස

********* 

"...මෙන්න දැන් ලැබුනු පුවතක්. සෞඛ්ය අමාත්ය තේමිය විජේකෝන් මහතාව මොහොතකට පෙර කෘර ලෙස ඔහුගේ නිවසේදී ඝාතනය කොට තිබේ.. එතුමා එම මොහොතේ ආරක්ෂකයින්ද සමඟ නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුලු දරුවන් ඒ මොහොතේ නිවසේ නොසිටි බව සැලවේ.... ආරක්ශකයින් තිදෙනෙක් මිය ගොස් ඇත. තවත් ආරක්ශකයින් රැසකට බරපතල ලෙස තුවාල සිදුවූ ඇති නිසා ඔවුන්ව රෝහල් ගත කොට ඇති බව ආරංචි මාර්ග පවසයි... පොලීසිය මෙයට පාතල නාකය මාතර ශෙනා නම් පුද්ගලයාව සැක කරයි... එම පුවත නැවතත්.... " මදුමාලි ටීවි එක ඕෆ් කලේ රට ගැන ඇති වුන කලකිරීමෙන්. ඇයට එක්වරම මතක් උනේ ඇයගේ සැමියා සතීෂ් ව. ඔහුව ඇය මතක් කලේ සතුටින් මෙන්ම දොම්නසින්. 

අනේ අද එයා හිටියනම්... ඇයට සිතුනේ එහෙම. 

" අම්මා... " පුතාගෙ හඬින් ගැස්සුන ඇය දැක්කේ පුතා තමන් දිහා කල්පනාකාරීව බලන් ඉන්නවා. 

" ඇයි පුතේ? " 

" අම්මා ඇයි අඬන්නේ? තාත්තව මතක් උනාද? " අතේ තිබුණ තුවක්කුව ඉනේ රඳවගත්තු සතීෂ අම්මා ගාවින් වාඩි උනේ මවගේ ඇස් වල තිබ්බ කඳුලු පිහිදමමින්. 

" ඔව් පුතේ. තාත්තා හිටියනම් මාතර ශෙනා කියලා කෙනෙක් මෙච්චර උඩ යන්නේ නෑනේ. " ඇය කීවේ සතීෂ ගේ උරහිසින් ඔලුව තියලා. 

" අම්මා මොනා උනත් ශෙනා කියන එකා අහිංසක මිනිස්සු මරන්නේ නෑ. කුඩු බිස්නස් කරන්නේ ගණිකා මඩම් කරන්නේ නෑ. ඒ අතින් ඌ හොද මිනිහෙක් අම්මා. " මවගේ හිස අතගාමින් සතීෂ කියද්දි හිස ඔසවපු මදුමාලි ඔහු දෙස බැලුවෙ තරහින්.

" ඒ වුනාට ඒ මිනීමරුවෙක් පුතා. " 

" ඒ අතින් බලනකොට මේ මිනිස්සු හැමෝම මිනීමරුවෝ. " මදුමාලි පුතා දිහා බැලුවෙ පුදුමෙන්. 

" ඇයි ඒ? " 

" අපි කොච්චර සත්තු මරනවද? මදුරුවො කූඹි එහෙම... " එය කියනවාත් සමඟම මදුමාලි ඉකිගසමින් සතීෂට තුරුලුවෙද්දි සතීෂ කලබල වුනා. 

" අම්මා ඇයි? අනේ ඇයි අඬන්නේ? " 

" තාත්තත් ඔහොම්මම ඉස්සර කිව්වා පුතේ. " ඇයට මතක් වුනේම ඉස්සර දවසක සතීෂ් කිව්ව දේ. 

' මේ ලෝකෙ හැමෝම එකම එක ප්රාණයක් හරි නසලා තියනවා මදූ. ' 

" හ්ම්ම්ම්... අමතක කරන්න උත්සහ කරන්න අම්මා. තව කොච්චර දවසක් කියලා අම්මා කඳුලු බොන්නද? " 

" එහෙම කියන්න එපා පුතේ... සතීෂ් මැරුනහම මන් ජීවත් වුනේ මගේ පුතා නිසා. නැත්නම් මන් මෙලහකට මැරිලා. ඉවසන් හිටියේ ඉවසන් ඉන්නේ ඒ ඔයා නිසා. මන් දන්නවා පුතා කැමති නෑ මන් අඬනවට. ඒත් මට අඬලා හරි වේදනාව පිට කරගන්න දෙන්න පුතේ. " ඇය හඬමින්ම කියද්දි සතීෂ මව ව දැඩිව තුරුලුකරගත්තේ අම්මා ගැන දැනුනු දැඩි සෙනහසකින්. 

********** 
සතීෂ උදේ පාන්දරින්ම තම ප්රාධානියව හම්බුවෙන්න ඔහුගේ කාර්යාලයට පිය නැග්ගේ ඔහු එන්න කියූ නිසාවෙන්. 

" ගුඩ් මෝර්නින් සර් " ඔහු ඉදිරියේ සීරුවෙන සිටගෙන සතීෂ ආචාර කරා. 

" ගුඩ් මෝර්නින් සතීෂ. වාඩි වෙන්න. " සතීෂ සිනහමුසුව ඔහු ඉදිරියෙන් වාඩි උනා. 

" සතීෂ ඔයා දක්ෂ නිලධාරියෙක්. ඒ නිසා අපි ඔයාට අලුත් මිශන් එකක් භාරදෙනවා. ඔයාගේ අලුත්ම ටාගට් එක තමා මාතර ශනා.... එයාව කොහොමහරි අල්ල ගන්න ඕනේ... අපි මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක්ම යෙදෙව්වත් මේ වෙනකන් අපිට ශනාව අල්ලගන්න ලැබුනේ නෑ. ඉහලින් අණ ලැබුනේ ශනාව මරන්න කියලා. ඒත් මට ඕනේ එයාව අල්ලගන්න. මොකද එයා මේවා කරන්නෙ ඇයි කියලා මට මාර කුතුහලයක් තියෙන්නෙ. මොකද ඌ අනිත් මැරයින්ට වඩා ගොඩාක් වෙනස්... ගුඩ් ලක් පුතා... "

" තෑන්ක්ස් සර්. මන් මේක කොහොමහරි කරනවා. " 

" ඔයා හරියට සතීෂ් වගේමයි. සතීෂ ගෙ තාත්තත් කවදාවත් පහුබැස්සේ නෑ. මන් හිතනවා පුතාටත් තාත්තගේ මොලේ තියනවා කියලා. " 

" තෑන්ක්ස් සර්... අනිවාරෙන්ම මොකද මන් තාත්තගෙම පුතානේ. " 

********** 

" මචන් එතකොට අපි දැන් කවද්ද පටන් ගන්නේ? " රුක්ෂාන් ඇහුවේ සතීෂගෙන්. 

" අදම මේ දැන්ම... අපි මුලින් කරන්න ඕනේ ශෙනා ගැන තොරතුරු හොයන එක. ඊට පස්සේ අපි ඌව අල්ලගන්න ප්ලෑන් කරන්න ඕනේ. " සතීෂ කිවේ දැඩි තීරණාත්මක හඬින්. 

" සතියා.... අපි කලින් ඔෆිසර්ස්ලගෙන් අහලා ඉමු නේද? " මලින්ද ඇහුවා. 

" ඔව් ඒක ප්රධානයි.... " එවිටම වාගෙ සතීෂ් ගේ ෆෝන් එක රිංග් වෙච්ච නිසා සතීෂ් ෆෝන් එක බලලා ආන්සර් කරා. 

' කියන්න අම්මා ' 

' පුතා වැඩකද? දැන් ගෙදර එන්න පුලුවන්ද? ' ඔහු කලබල වුනේ ඇයගේ හැඬුම් හඬ ෆෝන් එකේ දිගේ ගලාගෙන ආපු නිසා. 

' ඇයි අම්මා... මොකක්ද ප්රශ්නේ? ඇයි අඬන්නෙ ' 

' ඔයාගේ තාත්තගෙ අක්කා ඇවිත්... දේපල ඉල්ලනව.... කැත විදිහට බැන්නේ පුතේ.... ' ඇය හඬමින්ම පැවසුවා. 

' මන් එන්නම් අම්මා... ' සතීෂ ඇමතුම විසන්ධි කලේ කලකිරිනු සිතින්... 

" මොකක්ද අවුල බන් " මලින්ද ඇහුවේ සතීෂ ගේ මූණ පරීක්ෂාවෙන් බලන ගමන්. 

" ලොකු නැන්දා ඇවිත්ලු බන්. අම්මට බැනලා. තාත්තගේ දේපල ඉල්ලනවලු. " 

" අනේ අම්මපා මේ වගේ අක්කලා... " රුක්ෂාන්ද කිව්වේ කලකිරිනු හඬින්... 

" එක එකේවා කියවගෙන ආවොත් අම්මපා බනිනවා. නැන්දා තාම දන්නේ නෑ මන් පොලීසියේ කියලා. " 

" පරිස්සමෙන් බන්. " 

********** 

" උඹ තමා මගේ අයියව මරාගත්තේ.... දේපල අරගෙන පැනලා ගිහින් දැන් සැප විදිනවා... මන් මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මන් පොලීසි යනවා. " සතීෂගේ ලොකු අම්මා නිල්මිණී අඬන මදුමාලිට බැනවැදුනේ සිත් පිත් නැති ලෙසින්. 

" පොලීසි යන්න ඕනේ නෑ. ගෙදරම පොලීසියෙ කෙනෙක් ඉන්න කොට. " ඒ හඬ සතීෂ ගෙ. නිල්මිණී වගේම මදුමාලිත් සතීෂ දිහා බැලුවා. සතීෂ ගෙ මව මදුමාලි සතීෂා දිහාට දුවගෙන ගියා.

" මො..ක..ක්.. පුතා පොලීස්සියේද? " නිල්මිණී ඇහුවේ පුදුමෙන් ගොත ගහ ගහා.... 

" ඔව් ලොකු නැන්දට ඒක ගැන ප්රශ්නයක් තියනවද? " 

" අහ් නෑ මේ... මන් යනවා... " නිල්මිණී බයෙන් බයෙන් සතීෂ ව පහු කරන් ගියා. 

" මේකත් අහගන්න ලොකු නැන්දේ. සීයා දේපල සමසමව බෙදුවේ. තාත්තගේ කොටස එවෙලෙම තාත්තා මට ලිව්වා. අනික තාත්තගේ දේපල වලට ඔයාට අයිතිවාසිකම් කියන්න බෑ. ආයි මෙහෙ ඇවිත් අම්මට බැනලා තිබ්බොත් මන් මෙච්චර ඉවසිල්ලෙන් කතා කරන්නේ නෑ. දැන් යන්න පුලුවන්. " සතීෂ දිහා පුදුමෙන් මෙන්ම බයෙන් බලපු නිල්මිණී ඉක්මන් ගමනින් ගෙයි පිට වෙලා ගියා. 

" අනේ පුතේ... " 

" දැන් අඬන්න එපා අම්මේ... අම්මට මෙච්චර ශෝයි පුතණ්ඩියෙක් ඉද්දි ඔය කොහෙවත් ඉන්න ගෑණුන්ට දෙනවද මන් අම්මට බනින්න අප්පා.... " 

********** 
" සතීයා ශෙනා ගැන දන්න මනුස්සයා මෙතනට නේද එනවා කිව්වේ? " රුක්ෂාන් ඇහුවේ පරික්ෂාකාරීව අවට පිරික්සමින්. 

" ඔව් බන්... අපි ඉස්සරහට යමු... " එතකොටම මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පුන සතීෂ බිම වැටුනා. 

සතීෂ ඒ මනුස්සයා දිහා බැලුවේ කේන්තියෙන්. ඒ මූණ දැක්ක සතීෂ ගෙ ඇස් මහත් වුනේ නොසිතූ මොහොතක සිදු වුන දේ හිතා ගන්න බැරුව. 

... ඊලග කොටසින් හමුවෙමු ...

පෙර කොටසට 👇 
https://m.facebook.com/story.php?story_fbid=137352650562530&id=100028633866832

© කතෲ අයිතිය සුරකින්න. 

✒️ සිත්මි ✒️

❤️ හඬනා ඔය නෙත් ❤️ 

💜 පෙරවදන 

********** 

🔴 මාතර ශනා... 

"...මෙන්න දැන් ලැබුනු පුවතක්. සෞඛ්ය අමාත්ය තේමිය විජේකෝන් මහතාව මොහොතකට පෙර කෘර ලෙස ඔහුගේ නිවසේදී ඝාතනය කොට තිබේ.. එතුමා එම මොහොතේ ආරක්ෂකයින්ද සමඟ නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුලු දරුවන් ඒ මොහොතේ නිවසේ නොසිටි බව සැලවේ.... ආරක්ශකයින් තිදෙනෙක් මිය ගොස් ඇත. තවත් ආරක්ශකයින් රැසකට බරපතල ලෙස තුවාල සිදුවූ ඇති නිසා ඔවුන්ව රෝහල් ගත කොට ඇති බව ආරංචි මාර්ග පවසයි... පොලීසිය මෙයට පාතල නාකය මාතර ශෙනා නම් පුද්ගලයාව සැක කරයි... එම පුවත නැවතත්.... " 

🔴 සතීෂ මදුමාල් 

" සතීෂ ඔයා දක්ෂ නිලධාරියෙක්. ඒ නිසා අපි ඔයාට අලුත් මිශන් එකක් භාරදෙනවා. ඔයාගේ අලුත්ම ටාගට් එක තමා මාතර ශනා.... එයාව කොහොමහරි අල්ල ගන්න ඕනේ... අපි මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක්ම යෙදෙව්වත් මේ වෙනකන් අපිට ශනාව අල්ලගන්න ලැබුනේ නෑ. ඉහලින් අණ ලැබුනේ ශනාව මරන්න කියලා. ඒත් මට ඕනේ එයාව අල්ලගන්න. මොකද එයා මේවා කරන්න ඇයි කියලා මට මාර කුතුහලයක් තියෙන්නෙ. මොකද ඌ අනිත් මැරයින්ට වඩා ගොඩාක් වෙනස්... ගුඩ් ලක් පුතා... " 

ඔයාලා මේකට කැමති වෙයිද මන්දා.... 

© කතෲ අයිතිය සුරකින්න. 

✒️ සිත්මි ✒️

Thursday 6 September 2018

💑 වීහු 💑

🎀 කෙටි කතාව

。。。。。。。。。。

" වීහු ඔයාගේ හැන්ඩ්සම් අද අපේ ගෙවල් ගාවින් ගියා. " නිතුල් එහෙම කිව්වේ වීහු දිහා හොරෙන් බලන ගමන්.

" අහ් මොකක්? ඒ ඇයි ඒ? " වීහු කලබල වෙලා ඇහුවා.

" මන් ඕවා අහන්න ගියේ නෑ. ඇරත් ඒ නපුරත් එක්ක මට ඕවා කතා කරන්න ඕනෙ නෑ. "

" අනේ මේ නිතුල් එයා නපුරු නෑ හරිද? 😠 මගේ ඒකපාර්ශවික ප්‍රේමයට එක එකේවා කියලා ආයි අහුවෙන්න එපා. " වීහු කිව්වේ ටිකක් කේන්තියෙන්.

" අනේ මට වැඩේමයි ඔයාගේ ඒකපාර්ශවික ලව් එකට එක එකේවා කියන්න. 😁 උඹේ ලව් එක ඌ දන්නේ නැති නිසාම හොදයි. " නිතුල් කිව්වේ හිනා වෙවී.

" ඇයි එහෙම කියන්නේ? 😒 "

" එහෙම කියන්නෙද 😂 වෙරි සිම්පල් ඩාර්ලින්. අහ් මලා 😅අන්න බෙල් එක ගැහුවා. මන් යනවා ක්ලාස් එකට නැත්තන් මේ කොල්ලෝ ටික ඔලු පලා ගනී මන් පස්සේ කියන්නම් සුදෝ. " එහෙම කියපු නිතුල් පොත් ටිකත් අරගෙන ඉක්මන් ගමනින් ස්ටාෆ් රූම් එකෙන් එලියට ගියා.

' අර්ර්ර් මේ නිතුල් නම් 😠 ' වීහු හිතුවේ තනියම.

වීහු රුක්ෂානි මාදිවෙල කියන්නේ වයස 27ක රුවැත්තියක්. ඇය මාලබේ පිරිමි විදුහලේ නැටුම් ගුරුවරියක්.

。。。。。。。。。。

" දුව ඔයාව බලන්න මනමාලයෙක් එනවා මේ සෙනසුරාදා " වීහු ගේ අම්මා වීහු ගවට ආවේ හිනා කටක් පුරෝගෙන. 😁

" අර්ර්ර්ර් හාකො. එයා හොද නැත්නම් මන් කියන්නම් " වීහු අම්මට රවාගෙන කිව්වා.

" මොකෝ අද සැබෑ වෙනසක්. " 😏

" ඇයි ඒ ගමන මොකක්ද කලේ. "

" ඇයි ඔයාගේ ඒකපාර්ශවික ආදරේ ඔයාට කැමති වෙන්නේ නැති නිසාද මනමාලයෙක් එනවා කිව්වහම රවලා විතරක් උත්තර දෙන්නේ 😂 "

" අම්මා... 😠 ඔයත් ඒ ගමන මාව විහිලුවකට ගත්තද "

" අපොයි නෑ ඒත් ඔයා ලස්සනයි වගේම උගත්. ලොකු සල්ලියක් නැති වුනත් සල්ලි ටිකක් හරි එකතු කරලා තියෙනවා. ඔයා හරි පරිස්සම්. මගේ දුව හින්දා කියනවා නෙමෙයි ඒත් ඔයා වගේ ලමයෙක් නැති කරගන්න ඔයාගේ හැන්ඩ්සම් ඇත්තටම පව් කරලා ඇති. "

" අහ් 😟 අම්මා හදන්නේ දැන් මාව අඬවන්න. "

" එහෙම නෑ දරුවෝ මන් කිව්වේ ඇත්ත. "

" ම්ම්ම්ම් එයාගේ ආදරේ නැති එකේ කිස් එකක්වත් ඉල්ල ගන්න ඕනේ. 😊 " ඒක කිව්ව ගමන් වීහුගේ මව කලබල විය.

" මේ වීහු මගෙන් හොදවයින් දෙකක් අහගන්නෙ නැතුව ඉන්නවද 😠 ඌ කිස් එකක් දීලා නැවතුනේ නැත්නම් එහෙම? උඹට පුලුවන්ද කොල්ලෙක් එක්ක හැප්පෙන්න. මතක තියාගනින් මේ ලංකාව ඇමරිකාව නෙමෙයි. කැලලක් ඇති වුනොත් මකන්න ලේසි නෑ. "

" ඒත් අම්මා මන් කිව්වේ විහිළුවටනේ.... අනික මන් පොඩි ලමයෙක් නෙමෙයි. කොහොමත් මට ඕනේ නෑ මගේ ප්‍රතිපත්ති කඩන්න. අම්මා ඒක දන්නවනේ. 😒 "

" අනේ උඹේ විහිලු. 😠 සාරියක් තෝරලා දෙන්න මට. හැබැයි හොද ලස්සන එකක්. "

"හ්ම්ම් හා 😟 "

。。。。。。。。。。

" දුව එන්න යන්. " අම්මා හෙප්පුව මගේ අතට දීලා කිව්වා.

" කොල්ලා කොහොමද? 😟 " මන් අම්මගෙන් ඇහුවා.

" ඔයා ආස ටයිප් එකේ. 😏 "

" අම්මා ආර් යූ ශුවර්? 😍 "

" ඔව් ඔව් අයිම් ශුවර්. 😏 "

මම හෙප්පුවත් අතේ තියාගෙන සාලෙට ගියා. අහ් මම බිම බලාගෙන ගිහින් දුඹුරු පාට ලෙදර් දෙකක් දාගෙන හිටපු මනමාලයට හෙප්පුව ඇල්ලුවා. මනමාලයත් නැගිටලා ඒක අරගත්තා. මම ශේප් එකේ ගිහින් අප්පච්චි ගාවින් වාඩි උනා. ඊට පස්සේ ඔලුව උස්සලා මනමාලයා දිහා බැලුවා. අප්පා මනමාලයා හෙන කලු ඒත් අමුතු ලූක් එකක් තියන කෙනෙක්. දෙගොල්ලෝ එක එකේවා කතා කර හිටියා. දේශපාලන විකාර. 😒

" ඔයාලා දෙන්නා උඩට ගිහින් කතා කරලා අපිටත් තීරණේ දැනුම් දෙන්නකෝ. අපි බල කරන්නේ මොකටවත්. " මනමාලයාගේ අම්මා හිනා වෙලා කිව්වා.

මායි මනමාලයයි දෙන්නම හිමින් සැරේ නැගිටලා උඩ බැල්කනි එකේ තියලා තිබ්බ පුටු දෙකේ වාඩි උනා.

" මම ඕෂද සඳරුවන්. ඔයා? "

" මම වීහු රුක්ෂානි. ඕෂද මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. "

" කියන්න් වීහු. 😊 "

" මම අවුරුදු 5ක ඉදන් ශාක්‍ය කියලා කෙනෙක්ට ආදරේ කරනවා. එයා මට කැමති නෑ. ඒත් මන් එයාට ආදරේ කරන්නේ ඇත්තට. ඒ නිසා මට ටිකක් හිත හදාගන්න අමාරුයි. මන් ඔයාව බැන්දත් මට ඔයාට ආදරේ කරන්න බැරිවෙයි. "

" ම්ම් හොදයි වීහු ඒකට කමක් නෑ. මම නම් කාටවත් ආදරේ කරන්නේ නෑ. ආදරේ කරලත් නෑ. සෝ මට ඒක එච්චර ලොකු දෙයක් නෙමේ. මන් යෝජනාවක් කරන්නද? "

" හා "

" අපි දෙන්නා මාසයක් විතර ආශ්‍රය කරලා බලමු. මොකද අපි ගැලපෙනවද දන්නේ නෑනේ. 😊 මොකද කියන්නේ? "

" ඒකනම් හොදයි. අහ් මාත් දෙයක් කියන්නද? "

" කියන්න. "

" ඔයාගේ හමේ පාටටනම් මන් හරි ආසයි. "

" ඔහ් ගුඩ්. "

。。。。。。。。。。

මාසයක් යද්දි ඕෂදට වගේම මටත් තේරුනා අපි දෙන්නා ගොඩාක් හොදට ගැලපෙනවා කියලා. ඉතින් අපි අම්මලට කියලා කසාඳේ ස්තීර කර ගත්තා. මම ශාක්‍ය ව හම්බුවෙන්න යන්න හිතුවා. ඕෂදට කිව්වහම එයා මගේ අදහස අනුමත කරපු නිසාම මම ශාක්‍ය ව හම්බුවෙන්න එයා ජිම් එකට ගියා.

" අහ් පිස්සි මාසෙකින් විතර මේ පැත්තේ ආවේ නෑනේ. මොකෝ ඔයාගේ හිතවත් වෙනස් වුනාද 😂 ශාක්‍ය නම් ඔයාට ලව් කරන එකක් නෑ. ඔයා මැරීගෙන ලව් කරාට. 😂 අපේ ශාක්‍යත් ඉතින් සෙක්සි නිසා වෙන්න ඇති ඔයත් පස්සෙන් එන්නේ නේද? " ශාක්‍යගේ යාලුවෙක් අනිත් අයවත් හිනස්සලා කියද්දි මට තරහා ගියත් ශාක්‍ය එතනට ආපු නිසා මම තරහව පාලනේ කරගත්තා.

" අහ් මන් හිතුවා ඔයාගේ කරදරේ ඉවර ඇති කියලා. ආයි ආවද කරදර කරන්න. මම නම් කැමති වෙන්නේ නෑ ඔයා වගේ නැටිච්චියෙක්ට. "

" ශාක්‍ය විතුල් ජයවංශ මම ඔයාට දෙයක් කියන්න ආවේ. මම මැරි කරන්න යන්නේ. අවුරුදු 5ක් මම ඔයාගේ ආදරේ ඉල්ලුවා. අවුරුදු 5ක්. ඔයාගේ සෙක්සි ඇගට කැමති වෙලා මන් ඔයාගේ පස්සෙන් ආවනම් මම අවුරුදු 5ක්ම ඔයාගෙ පස්සෙන් එන්නේ නෑ. ඒ වගේම ඔයා මට නැට්ටිච්චි කිව්වේ මන් ඔයාගේ පස්සෙන් ආපු නිසා වෙන්න ඇති. ඒකට කමක් නෑ. ඔයාට වඩා හැන්ඩ්සම් කොල්ලෝ මන් දැකලා තියනවා. මොනාඋනත් අන්තිමෙදි මට ගැලපෙන කෙනා මට ලැබිලා තියෙනවා. මතක ඇතිනේ මන් කිව්ව දේවල් මගේ ටයිප් එක ගැන. ඕෂද කියන්නේ ශෝක් කොල්ලෙක්. මන් එයාට ඔයා ගැනත් කිව්වා. හ්ම්ම්ම්ම් දුකයි මේ පපුවට මොකද දන්නවද මන් මැරි කරන්නේ මන් ආදරේ කරන කෙනාව නෙමෙයි. සතුටකුත් තියෙනවා ඒ මොක්ද මන් මැරි කරන්නේ මට ගැලපෙන කෙනාව. මන් යනවා ආයි කවදාවත් මන් ඔයා ඉස්සරහට එන්නේ නෑ. මොකද ඒක මට වේදනාවක්. මම ලංකාවෙන් යනවා. ඕෂද වැඩ කරන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මන් කොහොමත් එහෙ යන්න ඕනේ. බුදුසරණයි ශාක්‍ය. " මම අඬ අඬ එහෙම කියලා ජිම් එකෙන් එලියට දුවගෙන ආවා.

තව මාසයක් ගියේ මම ඕෂදගේ පතිනිය කරමින්. ජීවිතේ එයා එක්ක බෙදාගන්නකොට ආදරේ කරන්න බැරි උනත් සම්පූර්ණ බවක් දැනුනා. එයා මට ආදරේ කරා ගොඩාක්. එයා මට ආදරෙයි කියන හැමවෙලාවෙදිම මම නිහඬ වුනේ ආදරේට බොරුවක් කරන්න බැරි නිසාමයි. මම දැන් දරුවෝ තුන්දෙනෙක්ගේ මවක්. දරුවෝ තුන්දෙනාම හොදින් හැදුනේ අපි දෙන්නගෙම සතුට මැද්දේ.

හදිස්සියෙම ඕෂදට අමාරු වෙච්ච නිසාම අපි එයාව හොස්පිටල් එකට ගෙනිච්චා. ඩොකටර් එයාව පරීක්ෂා කරන තුරු අපි එලියට වෙලා හිටියෙ නොයිවසිල්ලෙන්.

" මිසිස් වික්‍රමසිංහ ඔයාට තේරෙනවනේ. මිස්ට වික්‍රමසිංහට දැන් වයස 70ක්. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් දැන් අපිට සිද්ද වෙනවා එයාට යන්න දෙන්න. ඔයාලට පුළුවන් අන්තිම වතාවට එයා එක්ක කතා කරන්න. මන් හිතනවා මිසිස් වික්‍රමසිංහ මේ දේ තේරුම් ගනියි කියලා.”

“ ඕකේ තැන්කිව් ඩොක්ටර් ”

මායි පුතාලා දෙන්නයි දුවයි ඕෂද ඉන්න රූම් එකට ගියා. අපිව දැකලා ඕෂද අමාරුවෙන් හිනා උනා. මම ඕෂද ලගට ගිහින් එයාගේ අතක් අල්ලගත්තා.

“ ලොකු පුතේ, පොඩි පුතේ නංගි ගැන ඔයාලා බලන්න ඕනේ හරිද? ලස්සන ගැලපෙන කසාදයක් එයාට කරලා දෙන්න. ඒ වගේම අම්මවත් හොදට බලාගන්න. ඔයාලා දෙන්නගේ පවුල් ජිවිතේ හොදට ගෙනියන්න. හරියට මායි අම්මයි කළා වගේ. දුවේ ඔයාට එක්සෑම් එක හොදට පාස් වෙන්න හොදේ. ආදරෙයි ඔයාල හැමෝටම.” ඕෂද අමාරුවෙන් වචන ගැට ගගහා කිව්වා.

“ අපි තාත්තා කිව්වා විදිහටම කරන්නම්. බය වෙන්න එපා හැම වගකීමක්ම මායි මල්ලියි ගන්නම්. ගොඩාක් ආදරෙයි තාත්තේ ඔයාට. ඔයා තමා අපේ වීරයා.” ලොකු පුතා තාත්තගේ නළල සිප ගන්න ගමන් කිව්වා. මගේ දෑසට දසුන දැකලා කදුළු ඉනුවා.

“ ඕෂද ඔයාට කියන්න දෙයක් තියනවා. මා එක්ක ජිවත් උන අවුරුදු ගානටම ඔයා අහන්න බලාපොරොත්තු උන දේ තමා මන් ඔයාට කියන්න යන්නේ. ඒ තමයි මන් ඔයාට ගොඩාක් ආදරෙයි ඕෂද.”

“ වීහු මන් ඒක දන්නවා රත්තරන්. මට සතුටුයි. ශාකයට තරම් නැති උනත් ඔයා මට පොඩ්ඩක් හරි ආදරේ කරනවා කියලා දැනගෙන හිටියේ. ඊලග ආත්මෙවත් ඔයාට ඔයාගේ ආදරේ ලැබෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා මගේ කෙල්ලේ. කෝ මගේ නළලට කිස් එකක් දෙන්න මට එතකොට සතුටින් මැරෙන්න පුලුවන්.”

මම අඩ අඩ ඕෂද ගේ නළල දැඩිව සිප ගත්තා. ඊට සුළු මොහොතකට පස්සේ ඕෂද මේ ලෝකේ දාලා ගියේ දරුවන් තිදෙනාව හඩවමින්. ඒත් වීහු ගේ ඇස් වල කදුළු තිබුනත් වීහු අඩුවේ නැත්තේ ඕෂද ට කරන්න හැම යුතුකමක්ම කෙරුවා කියන ආත්ම තෘප්තිය ඇයට දැනුන නිසාමයි.

..... නිමි .......

ඉතින් කතාව කොහොමද? අදහසක් කමෙන්ට් කරගෙන යන්නකෝ. මේ කතාව පව්,මලි,යශෝ,ශානි,ජානි,රංජි,සෙනු,විනුදා අක්කිලා අයියලා වෙනුවෙන්මයි දාන්නේ හොදේ. ආදරෙයි ඔයාලට පැලෙන්න. ඔයාලා නැත්නම් අද මාත් නෑ.


🌸


නිකූ 
& ශමූ 🌸 

🌺 කෙටි කතාව. 

************************

" ඒ බන් මිතුල් අර ඉන්නේ නිකුනි නේද? " කෙනුල් ඈත ඉන්න කෙල්ලෙක්ව මිතුල්ට පෙන්වමින් ඇසුවා.

" ඔව්මයි යන් ගිහින් කට්ටිය ගාවට එක්කන් යමු. " මිතුල් එහෙම කිව්වෙ තම මිතුරාවත් අතින් ඇදගෙන නිකුනි සිටිට දෙසට පිය නගමින් ය.

" හේයි නිකූ "

ඔවුන් දෙදෙනාගේ හඬින් වෙන කල්පනාවක සිටි නිකුනි තිගැස්සී ඔවුන් දෙදෙනා තම පරණ මිතුරන් දෙදෙනෙකු බව හදුනා ගනිද්දී ඇයගේ දෙනෙත් පුදුමයෙන් මහත් විය.

" එන්නකෝ අද කට්ටියම පාර්ක් එකට ඇවිත් ඉන්නවා " එහෙම කියපු කෙනුල් නිකූගේ අතින් ඇදගෙන වගේ පාර්ක් එකේ අනික් පැත්‍තට යන්නේ නිකූ තම අත කෙනුල් ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න නිශ්පල උත්සහයක යෙදෙන අතරේ. නිකුනි තම පැරණි මිතුරන් දකිද්දි හීන් හිනාවකින් මුව සරසා ගත්තේ ඔවුන් පුදුමයෙන් ඇය දෙස බලා සිටියදීය.

" omg නිකූ කොහෙද ගිහින් හිටියේ? " තෙලින්දි පුදුමයෙන් ඇසුවාය.

එහෙත් නිකුනි එයට හිනාවකින් පිළිතුරු දුන්නා පමනි. එනමුත් ඇයගේ එම හිනාව වියැකී ගියේ ඉදිරියට පැමිණෙමින් සිටින දෙදෙනා දුටු විටය. තවීශ ඇය ඉදිරියටම පැමිණ ඇයගේ උරහිසින් තදින් අල්ලා,

" නිකූ අයිම් සොරි " යනුවෙනු සැමට ඇසෙන ලෙසින් පැවසුවේ නිකූගේ දෑස් වලින් කදුලක් වැටෙන අතරේදීය.

" තවීශ වට් හැප්න්ඩ් මෑන් ? " නවෝද් පුදුමෙන් ඇහුව.

" මගේ අතින් නිකූට වැරැද්දක් වෙන්න ගියා. එදායින් පස්සේ නිකූව අපිට කවදාවත් දකින්න හම්බුනේ නෑ. " තවීශ දුකෙන් කියද්දි ඉස්සරහටම ඇවිත් හිටිය ශමූ කේන්තියෙන් තවීශ දිහා බැලුවා.

" උබ අතින් නිකූට වෙන්න ගිය වැරැද්ද මොකක්ද? " යමක් හිතින් අනුමාන කරනමින් කෙනුල් තවීශගෙන් තරහෙන් ඇහුවා.

" නිකූ ප්ලීස් මට සමාව දෙනවා නේද? " කෙනුල් ඇසූ දෙය ගනන් නොගත් තවීශ කඳුලු සලමින් සිටි නිකූගෙන් නැවත ඇහුවා.

තරහෙන් ඔහුගේ දෙ අත් ගසා දැමූ ඇය තම බෑගය ඇර පොතක් එලියට අරන් එහි කුමක්දෝ ලියන්නට පටන් ගත්තේ සැවොම පුදුමෙන් බලා සිටිද්දීය. ටික වෙලාවකට පස්සේ ඒ පොත තවීශ අතට ඩ්ගුන්නේ තරහෙන් මූණ රතු කරගෙන. ඒක කියවබ තවීශගේ මූණ සැරින් සැරේ වෙනස් වෙනවා හැමෝම බලාගෙන හිටියා. අන්තිමට තවීශ ඒක කියවලාඉවර වෙලා ශමූට දුන්නේ නිකූ ඉස්සර දණ ගහන ගමන්. ශමූ එක කියවන කොට ශමූගේ ඇස් වලින් කඳුලු වැල් බේරිලා ගියේ හරියට හදවතේ තියන දුක කියන්න වගේ.

" ඔයා මොකක්ද කලේ කියලා කරුණාකරලා අපිට කියනවද තවීශ? " කසුනි තරහෙන් කිව්ව.

" මන් කියන්නම්. අවුරුදු 6කට කලින් නොවැම්බර් 16 වෙනිදා මම් ශමූ ලගෙ ගෙදර ගියා එදා ගෙදර හිටියේ ශමූ විතරයි. ඔය අතරේ ශමූගේ තාත්තාගෙන් ශමූට කෝල් එකක් ආවා. ශමූට අන්කල් කිව්වා වැදගත් ඩොකියුමන්ට් එකක් ගෙදර දාලා ඇවිත් තියෙනේ ඒ නිසා ඒක ටග්ගාලා ගෙනත් දෙන්න පුලුවන්ද කියලා. ශමූ හා කිව්වා. ඌ මට කියලා ගියේ මචන් මන් පැය එකාමාරෙන් එනවා උඹ ඉදින් කියලා. ශමූ ගිය නිසා මන් ඉතින් අනවශ්‍ය වීඩීයෝස් ටිකක් බල බල හිටියේ. එතකොට තමා නිකූ ආවේ ශමූට පණිවිඩියක් කියන්න. එවෙලේ මගේ ආශාව වැඩි වෙලා තිබ්බ නිසා නිකූගෙන් ඒ ආශාව සපුර ගන්න. ඉතින් එදා මන් නිකූව දූෂණේ කරන්න හැදුවේ. නිකූ වැදලා ඉල්ලුවා ශමූ නිසාවත් මාව අතාරින්න කියලා. ඒත් එවෙලේ මන් හිටියේ ඒ කිසි දෙයක් අහන මානසිකත්වයක නෙමේ. මේ මගේ යාලුවා කැමති කෙල්ල කියලා මොහොතකට මට අමතක උනා. නිකූට පුලුවන් උනා කොහොමහරි මාව තල්ලු කරන්න. ඊට පස්සේ නිකූ දුවගෙන ගියා පාරට. මාව තල්ලු කොරද්දි මගේ කකුල උලුක් වුන නිසා මට නිකූව අල්ලගන්න බැරිඋනා. ශමූ ගෙදර එනකොට මට මගේ වැරැද්ද තේරිලා තිබුනේ. මන් ශමුට විස්තරේ කිව්වහම ශමූ නට ගහලා නිකූව හොයන්න ගියා. කෝල් කරා ඒත් අපිට කවදාවත් නිකූව දකින්න ලැබුනේ නෑ. "

" ශිට් උඹ මේ වගේ එකෙක් කියකා අපි හිතුවේ නෑ. හරි මොනාද නිකූ අර පොතේ ලිව්වෙ? " මිතුල් කේන්තියෙන් ඇහුවා. එතකොට ශමූ අතේ තිබ්බ පොත කසුනි අරගෙන හැමෝටම ඇහෙන්න කියෙව්වා.

තවීශ,
ඔයා හිතනවද තවීශ මට ඔයාට සමාව දෙන්න පුලුවන් වෙයි කියලා. ඔයා නිසා මට ගොඩාක් දේවල් අහිමි උනා. ප්‍රධානම දේ මගේ කටහඬ. එදා දුවගෙන යනකොට මාව ඇක්සිඩන්ට් වුනා. එදා මට සදහටම මගේ කටහඬ නැති උනා. මම් ආස කරන්න සබ්ජෙක්ට්ස්, මගේ යාලුවෝ, ශමූ ඒ හැමදේම ඔයා නිසා මට නැති උනා. ඔයා තවමත් හිතනවද මට ඔයාට සමාව දෙන්න පුලුවන් කියලා. බෑ තවීශ මට බෑ. මන් හිත හදාගෙන ජීවත් වෙන්නෙ අමාරුවෙන්. ඉතින් මගේ ජීවිතේ මන් කැමති දේවල් නැතිවෙන්න හේතුව වෙච්ච ඔයාට මට සමාවක් දෙන්න බෑ. ඔයා එහෙම කරන්න පුලුවන් කියලා හිතනවනම් ඒක ලොකු විහිලුවක්.

කසුනි ඒක කියලා ඉවර වෙනවත් එක්කන ශමූ නිකූ ගාවට ගිහින් එයාව තදින් පපුවට තුරුලු කරගත්තා.

" නිකූ ඔයාට කතා කරන්න බැරි උනාට කමක් නෑ. අපි දෙන්නන වෙනුවෙන් මන් කතා කරන්නම්. ඒත් ප්ලීස් ආයි දාලා යන්න එපා. මන් උඹට ගොඩාක් ආදරෙයි. මාව මැරි නොකරත් කමක් නෑ ඒත් පේන මානෙන් ඉන්න. " ශමූ නිකූව තුරුලු කරගෙන අඬ අඬ කිව්වා. නිකූ ශමූගේ තුරුලෙන් මෑත් වෙලා කසුනි අතේ තිබ්බ පොත අරගෙන මෙහෙම ලිව්වා.

' මට කතා කරන්න බැරි එක ඔයාට ප්‍රශ්නයක් නැද්ද ශමූ ? ' ශමූ මේක කියවලා කත කොණකට හිනා උනා.

" නිකූ ආදරේදි ඕවා සුලු ප්‍රශ්න විතරයි. මන් දන්නඑආ ඔයා එදා ඉදන්ම මට ආදරෙයි කියලා. ඔයා ඉඟි දුන්නනේ. ඒත් මන් හිටියේ ඔයාගේ ඒලෙවල් ඉවර වෙනකන්. "

' ඉතින් ඔයත් මට ඉඟි දැම්මනේ. ඔයා හරිම කට්ටයෙක් ශමූ. වචනයක් ගන්න හරි අමාරුයි. ' නිකූ එහෙම ලියලා ශමූට පෙන්නද්දි ඒක කියවකා ශමූ මහ හයියෙන් හිනා උනා.

" එහෙම තමා කෙල්ලේ. දැන් කියන්න ඔයා මට ආදරෙයිද? "

ශමූ නිකූව ලන්කරගෙන ඇහුවා. නිකූ හිස වනලා I Love You Shamu කියලා තොල්වලින් මැතිරුවා. නිකූව තන තුරුලට ඇදලා ගත්ති ශමූ නිකූගේ හිස ආදරෙන් සිප ගත්තේ යාලුවන්ගේ හුරේ හඬ මැද්දේ.

........... නිමි ...........

පහත ලින්ක් එක ක්ලික් කරන්න.