Monday, 22 October 2018

❤️ හඬනා ඔය නෙත් ❤️

💜 02 කොටස

********* 

" ඔව් බන්... අපි ඉස්සරහට යමු... " එතකොටම මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පුන සතීෂ බිම වැටුනා.

සතීෂ ඒ මනුස්සයා දිහා බැලුවේ කේන්තියෙන්. ඒ මූණ දැක්ක සතීෂ ගෙ ඇස් මහත් වුනේ නොසිතූ මොහොතක සිදු වුන දේ හිතා ගන්න බැරුව.

" අනේ මහත්තයා සමාවෙන්න. මහත්තයට තුවාලද? " ඒ මිනිහා පිණ්සෙන්ඩු උනා.

" නෑ ප්රශ්නයක් නෑ.... ඔයාද සයිමන් කියන්නේ? " ඒ මිනිහගේ අතේ එල්ලිලා නැගිටින ගමන් සතීෂ ඇහුවේ නැවත ඒ මූණ තියුණු ලෙස නිරීක්ශනය කරමින්.

" ඔව් මහත්තයෝ... මහත්තයලද අර හම්බුවෙන්න එනවා කිව්ව පොලිසියේ මහත්වරු. " සයිමන් බිම බලාගෙන ඇහුවා.

" හ්ම්ම්ම් සයිමන් අපි යන් කතා කරන්න පුලුවන් තැනකට. "

" හරි මහත්තයෝ. "

මොකක්දෝ හේතුවකට සතීෂ ට සයිමන් ගැන අවිශ්වාසයක් හිතුනේ නෑ.

තාත්තගේ මූණමයි.... සතීෂ ට හිතුනේ එහෙම.

අම්මගෙන් ගිහින් අහන්න ඕනේ තාත්තට නිවුන් සහෝදරයෙක් හිටියද කියලා... සතීෂ නැවත වතාවක් සයිමන් ගේ මූණ දිහා බලන් හිතුවා.

" වාඩිවෙන්න මහත්තයෝ.. අපි වගේ අය මෙතනින් තමා ඉතින් කෑම ගන්නේ. " කට්ටියව සයිමන් ටිකක් විතර අපිරිසිදු කඩේකට එක්කන් ඇවිත්.

" කමක් නෑ මේ වගේ තැන් අපිටත් පුරුදුයි. " මලින්ද පිලුතුරු දුන්නා. කට්ටියම වාඩි වුනා.

" මහත්තයලට දැන් මොනාද දැනගන්න ඕනෙ? "

" අපිට ශෙනා ගැන හැමදෙයක්ම දැනගන්න ඕනේ. මට කලින් ඔෆිසර් කිව්වා ඔයා උදව් කරා. "

" ඔව් මහත්තයෝ.. "

" දැන් එතකොට ඇයි සයිමන් අපිට උදව් කරනෙනේ? සයිමන්ට මොකක් හරි තරහක් තියෙනවද ශෙනා එක්ක. "

" අනේ නෑ මහත්තයෝ... මොකක්ද මහත්තයෝ නම? "

" මම සතීෂ මේ රුක්ෂාන් මේ ඉන්නෙ මලින්ද. " සතීෂ නම් කිව්වහම සයිමන් ගැස්සෙනවා තුන්දෙනාම බලාගෙන.

" සතීෂ? "

" ඔව් සයිමන් මන් සතීෂ මදුමාල් වීරක්කොඩි. " සතීෂ සම්පූර්ණ නම කියද්දි සයිමන් පුදුමෙන් කට ඇරගෙන සතීෂ දිහා බලන් හිටියා.

දෙයියනේ මේ මොකක්ද මේ වෙන්නේ... සයිමන්ට හිතුනා.

" මහත්තයා සතීෂ් ශෙනාල් වීරක්කොඩි ගේ පුතාද? "

" ඔව් සයිමන් මගේ තාත්තාව දන්නවද? " සතීෂ් ද ඇහුවේ පුදුමෙන්. ඇහුව ගමන් සයිමන් කලේ නැගිටපු එක. නැගිටලා සතීෂ ගේ ඔලුවට තුවක්කුවක් තිබ්බා. සතීෂ තරහෙන් නැගිටිනකොට වටපිටේ හිටපු කට්ටියත් සතීෂලා දිහාට තුවක්කු දික් කරා.

" මොකක්ද තමුන්ට ඕනෙ? " සතීෂ ඇහුවේ කේන්තියෙන්.

" කතා කරන්න ඒත් මෙතන බෑ. සද්ද බද්ද නොකර මා එක්ක ආවනම් හොදයි. " සයිමන් එහෙම කියද්දි සතීෂ කටවහගත්තා.

" සයිමන් ඔයාට සතීෂ් අන්කල් එක්ක තරහක් තියනවද? " මලින්ද ඇහුවා.

" ඔව් ඒත් සතීෂ පුතා එක්ක මට තරහා නෑ. මන් සතීෂ් ගැන කියන්න එන්න කියන්නේ. බයවෙන්න එපා පුතාලා මන් ඔයාලට කිසි කරදරයක් කරන්නෙ නෑ. " නවීන පන්නයේ වාහනයක් කඩේ ගාව නැවැත්තුවා. සයිමන් ඒ දිහා බලලා ඇදගෙන හිටපු සරම ගැලෙව්වා. ඇදගෙන හිටපු හම්පඩ ටී සර්ට් එකත් ගැලෙව්වා. සතීෂලා කට ඇරන් බලන් හිටියේ. දැන් හිටියේ අලුත් සයිමන් කෙනෙක්. දුඹුරු දිග කලිසම, ගොම කොල පාට පටි තියෙන ශර්ට් එක සයිමන්ට නියම තේජසක් ගෙනාවා. සයිමන් ගාවට ආපු තලෙලු කෙට්ටු මනුස්සයෙක් සයිමන් දිහාට සපත්තු දෙකක් දික් කරා. සයිමන් ඒක දාගන්න වාඩි උනා.

" මොනාද බන් මේ වෙන්නේ? අපි හීනයකවත් දකිනවද? " රුක්ෂාන් සතීෂ ගේ කණට කොඳුරලා ඇහුවා.

" පිස්සුද මිනිහෝ අපි තුන්දෙනා එකම හීනේ දකිනව කියලාද කියන්න හදන්නේ. මෝඩ කතා නොකියා ඉන්නවා. මේක තාත්තා ගැන දෙයක් නිසා තමා මන් නිකන් ඉන්නේ. නැත්නම් මෙලහකට මන් මූව මරලා. " සතීෂ ද රුක්ෂාන් ට කෙදිරුවා.

" ඒකනම් එච්චර ලේසි වෙන්නේ නෑ කොල්ලෝ. මාව මරන එක ඔයාට ලේසි වෙන්නේ නෑ වගේම ඔයාට මන් මාව මරන්න ඉඩ දෙන්නෙත් නෑ. "

" ඇයි ඒ? " මලින්ද ඇහුවා.

" ඒ ඇයි ඒ කියලා පස්සේ දැනගන්න ලැබෙයි. දැන් ගිහින් අර කාර් එකට නගින්න. " සයිමන් කිව්වේ අණ කරන හඬකින්.

" නැග්ගේ නැත්තම්....? " සතීෂ අභියෝගාත්මක හඬකින් ඇහුවහම සයිමන් කටකොණකට හිනා උනා...

අම්මප ඒ හිනාවේ ලස්සන... මන් දන්න කෙල්ලෙක්ටවත් නෑනේ යකෝ මේ වගේ හිනාවක්........ සතීෂ හිතුවා.

" එහෙම වුනොත් සතීෂ ට තාත්තා ගැන දැනගන්න බැරිවේවි. එහෙම කැමතිනම් නැවතුනාට කමක් නෑ. "

" හරි එන්නම්... "

**********

සයිමන් සුවපහසු සුන්දර ඒත් පොඩි ගේකට කට්ටියවම එක්කගෙන ආවා.

" මේ මගේ නිගමනයමද උඹලත් දරන්නේ? " සතීෂ කටහඬ අඩු කරලා ඇහුවා.

" ඔව් මේකා තමා ශෙනා කියන්නේ. ආයි අටුවා ටීකා ඕනෙ නෑ. "

" අටුවා ටිකා කොහොමත් ඕනෙ නෑ බොල. මොකෝ ඒවයෙ ශෙනා කියලා එකෙක් ගැන ලියලා තියවනද නෑනේ. "

" කතාව නවත්තලා ඇතුලට ආවනම්... "

සතීෂයි රුක්ෂානුයි මලින්දයි වටපිට බල බල ගේ ඇතුලට ආවා. එතකොටම වගේ රොට්වයර් කලු ලොකු බල්ලෙකුයි ජර්මන් ශබඩ් බල්ලෙකුයි දුවගෙන ආවා. මුන් දෙන්නව දැක්කා විතරයි ගෑණියෙක් වගේ මලින්ද රුක්ෂාන් ගේ ඇගට පැන්නා. මේක දැක්ක සයිමන් වගේම සයිමන්ගේ ගෝලයො ටිකත් මහ හයියෙන් හිනා උනා. ඒකට මලින්දට ටිකක් ලැජ්ජ හිතුනද කොහෙද...

" ෂැඩෝ, බ්රෝව දෙන්නම යන්න කාමරේට.. මන් එන්නම් හොදේ. " සයිමන් බල්ලො දෙන්නා දිහා බලලා කිව්වහම බල්ලෝ දෙන්නා ගේ ඇතුලට දුවගෙන ගියා.

" හරි ඔය පුතාලා ටික වාඩි වුනා නම් " සයිමන් වාඩි වෙලා කිව්වහම මේ තුන්දෙනත් සයිමන් ඉස්සරහ තිබ්බ ලොකු සෙටි එකෙන් වාඩි උනා.

" දැන්වත් කියන්න තාත්තා ගැන මොනාද කියන්න තියෙන්න්නෙ කියලා.. "

" සතීෂ මන් කියන්නම් ඉවසන්න. මන් ඒ විස්තර කියන්න කලින් මට දැනගන්න ඕනෙ දේවල් වගයක් තියනවා. "

" මොනාද ඒ? "

" ඔයයි ඔයාගේ අම්මයි ජීවත් වෙන්නේ කොහොමද? මට ආරංචි උනේ ඔයාලා දෙන්නවත් තාත්තා වගේම මැරුවා කියලා. "

" නෑ ශෙනා තාත්ත ඒ මිෂන් එකේදි මැරුනහම අපිට ඩිපාර්ට්මන්ට් එකෙන් දැනුම් දුන්නා අපිට එහෙන් ඉවත් වෙන්න කියලා. අපිටත් මරණ තර්ජන තියනවා කියලා. එහෙම තමා අම්මා කිව්වේ. තාත්තා මැරෙනකොට මට අවුරුදු 4ක් වගේ. "

" ඔහ් මාව අදුරගෙන... හරි පුතාට තාත්තව මතකද? "

" ඔව් මට තාත්තව අමතක වෙන්නේ නෑ කවදාවත්.. ශෙනා ගෙ මූණත් තාත්තගෙ වගේමයි. ශෙනා තාත්තගෙ කවුද? "

" ඒකත් මන් පස්සෙ කියන්නම්. පුතා මට කියන්න එතකොට අම්මට කොහොමද ඔයාගේ? "

" අම්මනම් හැමදාම තාත්තව මතක් කරලා අඬනවා. පව් අම්මා. අම්මා හැමදාම කියන්නේ අම්මා ජීවත් වෙන්නේ මන් නිසා කියලා."

" දෙයියනේ.. " ශෙනා අත් දෙක ඔලුවෙ තියාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. කවුරුත් එයාට බාධා කරේ නෑ.. මොහොතින් මොහොත ගෙවිලා යද්දි සතීෂ ට තවත් ඉවසන් ඉන්න බැරිවෙච්ච නිසාම සතීෂ කට ඇරියා.

" ශෙනා මගේ තාත්තා ගැන මොකක්ද ඔයාට කියන්න තියෙනෙන්? ' ශෙනා හිමින් සැරේ ඔලුව උස්සලා සතීෂ දිහා බැලුවා. ඒ ඇස් වල ලාවට කදුලක් මෝදු වෙලා තියනවා දැකලා හැමෝම ගැස්සුනා.

" ඔයාගෙ තාත්තා ජීවත් වෙනවා. "

... ඊලග කොටසින් හමුවෙමු ...

නිදිමතින් ලිව්වේ හොදද මන්දා අප්පා. මේක කොටස් 5ක විතර කතාවක්. ගොඩාක් දිගට ලියලා පුරුද්දක් නෑ මට. හෙට උදේට දාන්න බැරිවෙයි මට ක්ලාස්. රෑට දාන්නම්.

පෙර කොටසට 👇

© කතෲ අයිතිය සුරකින්න.

✒️ සිත්මි ✒️

No comments:

Post a Comment