❤️ හඬනා ඔය නෙත් ❤️
💜 03 කොටස
*********
" ශෙනා මගේ තාත්තා ගැන මොකක්ද ඔයාට කියන්න තියෙනෙන්? ' ශෙනා හිමින් සැරේ ඔලුව උස්සලා සතීෂ දිහා බැලුවා. ඒ ඇස් වල ලාවට කදුලක් මෝදු වෙලා තියනවා දැකලා හැමෝම ගැස්සුනා.
" ඔයාගෙ තාත්තා ජීවත් වෙනවා. " ශෙනා ගේ හඬින් සතීෂ ගල් ගැහුනා වගේ වුනා. එයාට අදහ ගන්න බෑ ශෙනා කිව්ව දේ.
ඔයාගේ තාත්තා ජීවත් වෙනවා... සතීෂට ඒ හඬ දෝංකාරය දෙනවා වගේ.
" ලයියා සතීෂ මහත්තයගේ ගෙදරට යන පාර උඹ දන්නවා නේද? " ශෙනා අහද්දි ලයියා කියන කෙනා හිස වැනුවා.
" යමු. "
**********
වාහනේක සද්දෙ ඇහුන නිසා මදුමාලි ඉස්සරහ දොර ගාවට ගියේ ආවේ පුතා කියලා හිතලා. ඒත් ගේට්ටුවෙන් ඇතුලට දාපු ඒ නවීන් පන්නයේ වාහනය දැකපු මදුමාලි කුතුහලෙන් වගේම බයෙන් ඒ දිහා බැලුවේ. ඒත් පිටිපස්සෙ දොරෙන් බැහැල ආපු සතීෂ දැකලා මදුමාලිට ලස්සන හිනාවක් ආවා.
පුතා අද යාලුවෙක්ගෙ කාර් එකෙන් ඇවිල්ලා. ඒත් ඇයි මට මගේ සතීෂ් ලග ඉන්නවා වගේ දැනෙන්නේ.... මදුමාලි කල්පනා කරා.
" පුතා... අද යාලුවෙක් එක්ක ආවාද? " මදුමාලි ඇහුවේ පුතා ලගට යන ගමන්
" ම්ම්ම් ඔව් අම්මා.. " මදුමාලි පුතාගේ මූණ දිහා හොදට බැලුවා. මදුමාලි කලබලෙන් සතීෂ ගේ මූණ ඇල්ලුවේ.
" ඇයි පුතා මේ .. මොකක් හරි ප්රශ්නයක්ද? " මවට පිලිතුරු නොදුන් ඔහු කාර් එක බැලුවා. මදුමාලිත් පුතා එක්කම ඇස් යැව්වේ කාර් එක දිහාට. කාර් එකෙන් බැහැලා ආපු කෙනා දැකලා මදුමාලිට ඇස් අදහා ගන්න බෑ.
මොහොතක් හුරුපුරුදු ඇස් දෙකක් එකිනෙකට මුණ ගැහුනා. ඒත් ඒ කාන්තා දෙඇස් වලට පිරිමි දෙඇස් වලින් එල්ල වුණ කාන්තිය දාරගත නොහැකිව දෝ ඒ ඇස් පිහිටු බර වෙලා පියවිලා ගියා.
මදුමාලි සිහිනැතිව වැටෙද්දි ලඟම හිටපු සතීෂ අම්මව වැටෙන්න නොදී අල්ල ගන්නවා. ශෙනා කිසිම කලබලයක් නැතුව සතීෂ අල්ලගෙන හිටපු මදුමාලි ලගට ඇවිත් ඇයව ඔසවගත්තා. ඒ පිරිමි දෙඇස් වල තිබුණු කඳුලු වලට සතීෂ ගේ මුළු හිතම හොල්ලන්න පුලුවන්න වුනා.
කිසිත් නොකීයූ ශෙනා ඇයව ඔසවාගෙන නිවසට ඇතුලට යද්දි ඔහුව අනුගමනය කරමින් සතීෂ ද නිවස ඇතුලට ආවා. සෙටි එකෙන් වාඩි වුන ශෙනා මදුමාලිව තුරුලට ගන්නේ සතීෂ ඉන්නවා කියලා ගාණක් නැතුව.
මේ මගේ තාත්තද?……… සතීෂගෙ හිත සතීෂගෙන්ම අහනවා.
මොහිතකින් මදුමාලිට සිහිය එද්දි ඇය සෙමෙන් හිස ඔසවලා වටපිට බලනවා. තම පුතු ඉස්සරහින් වාඩි වෙලා අඬනව දැකලා මදුමාලිට හිතුනේ මදුමාලි හීනයක් දැක්කා කියලා.
" මදූ " ඇයට ඇහුනෙ සිහින් කෙඳිරීමක්. ශනිකව පිටිපස හැරුණු ඇයට දකින්න හම්බුනේ කඳුලු පුරවන් බලන් ශෙනාව.
" සතිෂ්..? " ඇය පුදුමෙන් ඔහු දෙස මොහොතක් බලා සිටියා.
" අනේ සතීෂ් " මොහොතකින් හරි සිහියට එලඹුනු ඇය ශෙනා හෙවත් සතීෂ්ට දැඩිව තුරුලු උනා.
" මගේ දෙයියෝ ඔයා ජීවත් වෙනවා.. අනේ මගේ සතීෂ්..... අනේ මට මේක දරාගන්න බෑ.. " මදූ ශෙනා ගෙ මුලු මූණම සිපගත්තේ පිස්සුවෙන් වගේ. ඒත් ශෙනා නිහඬයි. ඒත් මොහොතකට ඇයට ආයි සියල්ල විනාශ වුනා වගේ දැනුනේ ශෙනා ඇයව ඔහුගේ තුරුලෙන් මෑත් කරහමයි.
" සතීෂ් " මදුමාලි යමක් කීමට පැවසුවත් ඔහු අතින් සන් කොට ඇයව නැවතුවා.
නැගිටගත් ඔහු නලල මිරිකමින් දෙපැත්තට ඇවිද්දෙ තවමත් මේ කිසිවක් අදහගත් නොහැකි නිසාම වෙන්න ඇති. විනාඩියෙන් විනාඩිය ගත වෙද්දි සතීෂ වගේම මදුමාලිත් ශෙනා දිහා දෑස් දල්වාගෙන බලාගෙන හිටියෙ.
පැයකට ආසන්න කාලයක් ඔහු කල්පනා කරමින් දෙපැත්තට ඇවිද්දේ තමා ලඟ සිටින දෙදෙනා අමතක කරමින්. එක්වරම මදුමාලි දිහා මෙන්ම සතීෂ දිහාත් බලපු ශෙනා දුක්බර සුසුමක් හෙලුවේ මදුමාලිගේ හිත කම්පා කරමින්.
" මන් අද හැඟීම් වලට වහල් උනා. ශිට් අද මේ ගමන නොයෙන්නයි මට තිබ්බේ. " ඔහුගේ හඬින් සතීෂ වගේම මදුමාලිත් ගැස්සුනා.
" මහත්තයෝ මොනාද මේ කියන්නේ? " මදුමාලි ඇහුවේ අඬන නෙත් ඔහු දෙසට යොමු කරන්.
වෙනදා වගේම මදුමාලිගේ ඇස් වල තිබ්බ කඳුලු දැකලා ශෙනාගේ හිත ගැස්සුනත් ඔහු ඒක පිටතට පෙන්නුවේ නෑ. ඒත් සතීෂ් ගේ හැම හැසිරීමක්ම වගේම ඒ ඇස් කියවන්න පුලුවන් උන මදුමාලිට ගැස්සුන ශෙනාගෙ හදවත කියවන්න පුලුවන් උනා.
මන් වරදක් කරා.... ශෙනාට හැඟී ගියා.
" මදුමාලි, සතීෂ... ඔයාලගේ සතීෂ් මැරිලා ගොඩක් කල්. ශෙනා කියන පාතාල නායකයා තමා දැන් ඉන්නේ. මට සමාවෙන්න මදුමාලි. මන් හිතුවේ නෑ ඔයාලා ජීවත් වෙනවා කියලා. ඒත් දැන් ඔයාලා ජීවත් වෙනවා කියලා දන්නවා වුනත් මට ඔයාලා ගාවට එන්න බෑ. මොකද මන් දැන් මාතර ශෙනා. මට තියනවා අරමුණක් ඒ අරමුණ ඉශ්ට කරගන්නකන් මට ආපහු හැරෙන්න අවස්ථාවක් නෑ. අද මන් හැඟීම් වලට වහල් වෙලා මේ ගමන ආව එක වැරදියි. දැන් ඒක වෙලා ඉවරයි. සතීෂ ඔයාට මගෙනුත් මගේ ගෝලයන්ගෙනුත් කිසිම කරදරයක් වෙන්නේ නෑ. හැබැයි ඔයාගේ අනිත් ඔෆිසර්ස්ලට වෙන කරදර වලට මට මුකුත් කියන්න බෑ. මාව මරන්න චාන්ස් එකක් හම්බුනොත් ඒ චාන්ස් එක රුක්ශාන් ට හරි මලින්දට හරි දෙන්න. ඔයා තාත්ත මරලා පව් පුරෝගන්නවට මන් කැමති නෑ.." ශෙනා ගේ තියුණු දැඩි හඬ මුලු නිවස පුරාම දෝංකාරය දුන්නා.
" අනේ මහත්තයෝ... "
මදුමාලිට මේ වෙන කිසිම දෙයක් පැහැදිලි නෑ.
අඬ අඬ හිටපු සතීෂ එක පාරටම නැගිටලා තුවක්කුව අතට ගත්තා.
" ඔයා මගේ තාත්තා නෙමේ. මන් ඒක පිලිගන්නේ නෑ. මන් මේ ලෝකේ ගොඩක්ම ගරු කරපු ආදරේ කරපු පිරිමි චරිතේ ඔයා නෙමේ. ශෙනා මැරෙන්න ලෑස්ති වෙයන්... අද මන් මේ අවස්ථාව මිඩ් කරගන්නේ නෑ.. මන් මගේ රාජකාරිය හරියටම ඉශ්ට කරනවා. මගේ තාත්තා ගැන කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ.. " කෑ ගහලා එහෙම කියපු සතීෂ ශෙනා දිහාට තුවක්කුව එල්ල කලා.
" පුතා එපා... "
මදුමාලි ශෙනා ඉස්සරහට පැන්නත් ශෙනා මදුමාලුව අතින් එහාට තල්ලු කරා. තල්ලු කරපු පාරට මදුමාලි බිම වැටුනෙත් සතීෂ ගෙ තුවක්කුවෙන් ශෙනාට වෙඩි තිබ්බෙත් එකම වෙලාවෙදි.
" අහ් " කියන හඬත් සමඟම කන් වගේම ඇස් දෙක තද කරලා පියාගත්ත මදුමාලිගෙ යටිගිරියත් හැමතැනම පැතිරුණා...
... ඊලග කොටසින් හමුවෙමු ...
තව කොටස් තුනක් හෝ හතරක් තමා තියෙන්නේ. අද කොටස හොදද මන්දා... ක්ලාස් එකේදි කලබලෙන් ටයිප් කරගත්තා.
පෙර කොටසට 👇
https://m.facebook.com/ story.php?story_fbid=137692 420528553&id=1000286338668 32
© කතෲ අයිතිය සුරකින්න.
✒️ සිත්මි ✒️

https://m.facebook.com/
© කතෲ අයිතිය සුරකින්න.
✒️ සිත්මි ✒️
No comments:
Post a Comment