Monday 22 October 2018

❤️ හඬනා ඔය නෙත් ❤️ 

💜 03 කොටස

********* 

" ශෙනා මගේ තාත්තා ගැන මොකක්ද ඔයාට කියන්න තියෙනෙන්? ' ශෙනා හිමින් සැරේ ඔලුව උස්සලා සතීෂ දිහා බැලුවා. ඒ ඇස් වල ලාවට කදුලක් මෝදු වෙලා තියනවා දැකලා හැමෝම ගැස්සුනා. 

" ඔයාගෙ තාත්තා ජීවත් වෙනවා. " ශෙනා ගේ හඬින් සතීෂ ගල් ගැහුනා වගේ වුනා. එයාට අදහ ගන්න බෑ ශෙනා කිව්ව දේ. 

ඔයාගේ තාත්තා ජීවත් වෙනවා... සතීෂට ඒ හඬ දෝංකාරය දෙනවා වගේ. 

" ලයියා සතීෂ මහත්තයගේ ගෙදරට යන පාර උඹ දන්නවා නේද? " ශෙනා අහද්දි ලයියා කියන කෙනා හිස වැනුවා. 

" යමු. " 

**********

වාහනේක සද්දෙ ඇහුන නිසා මදුමාලි ඉස්සරහ දොර ගාවට ගියේ ආවේ පුතා කියලා හිතලා. ඒත් ගේට්ටුවෙන් ඇතුලට දාපු ඒ නවීන් පන්නයේ වාහනය දැකපු මදුමාලි කුතුහලෙන් වගේම බයෙන් ඒ දිහා බැලුවේ. ඒත් පිටිපස්සෙ දොරෙන් බැහැල ආපු සතීෂ දැකලා මදුමාලිට ලස්සන හිනාවක් ආවා. 

පුතා අද යාලුවෙක්ගෙ කාර් එකෙන් ඇවිල්ලා. ඒත් ඇයි මට මගේ සතීෂ් ලග ඉන්නවා වගේ දැනෙන්නේ.... මදුමාලි කල්පනා කරා. 

" පුතා... අද යාලුවෙක් එක්ක ආවාද? " මදුමාලි ඇහුවේ පුතා ලගට යන ගමන්

" ම්ම්ම් ඔව් අම්මා.. " මදුමාලි පුතාගේ මූණ දිහා හොදට බැලුවා. මදුමාලි කලබලෙන් සතීෂ ගේ මූණ ඇල්ලුවේ. 

" ඇයි පුතා මේ .. මොකක් හරි ප්රශ්නයක්ද? " මවට පිලිතුරු නොදුන් ඔහු කාර් එක බැලුවා. මදුමාලිත් පුතා එක්කම ඇස් යැව්වේ කාර් එක දිහාට. කාර් එකෙන් බැහැලා ආපු කෙනා දැකලා මදුමාලිට ඇස් අදහා ගන්න බෑ. 

මොහොතක් හුරුපුරුදු ඇස් දෙකක් එකිනෙකට මුණ ගැහුනා. ඒත් ඒ කාන්තා දෙඇස් වලට පිරිමි දෙඇස් වලින් එල්ල වුණ කාන්තිය දාරගත නොහැකිව දෝ ඒ ඇස් පිහිටු බර වෙලා පියවිලා ගියා. 

මදුමාලි සිහිනැතිව වැටෙද්දි ලඟම හිටපු සතීෂ අම්මව වැටෙන්න නොදී අල්ල ගන්නවා. ශෙනා කිසිම කලබලයක් නැතුව සතීෂ අල්ලගෙන හිටපු මදුමාලි ලගට ඇවිත් ඇයව ඔසවගත්තා. ඒ පිරිමි දෙඇස් වල තිබුණු කඳුලු වලට සතීෂ ගේ මුළු හිතම හොල්ලන්න පුලුවන්න වුනා. 

කිසිත් නොකීයූ ශෙනා ඇයව ඔසවාගෙන නිවසට ඇතුලට යද්දි ඔහුව අනුගමනය කරමින් සතීෂ ද නිවස ඇතුලට ආවා. සෙටි එකෙන් වාඩි වුන ශෙනා මදුමාලිව තුරුලට ගන්නේ සතීෂ ඉන්නවා කියලා ගාණක් නැතුව. 

මේ මගේ තාත්තද?……… සතීෂගෙ හිත සතීෂගෙන්ම අහනවා. 

මොහිතකින් මදුමාලිට සිහිය එද්දි ඇය සෙමෙන් හිස ඔසවලා වටපිට බලනවා. තම පුතු ඉස්සරහින් වාඩි වෙලා අඬනව දැකලා මදුමාලිට හිතුනේ මදුමාලි හීනයක් දැක්කා කියලා. 

" මදූ " ඇයට ඇහුනෙ සිහින් කෙඳිරීමක්. ශනිකව පිටිපස හැරුණු ඇයට දකින්න හම්බුනේ කඳුලු පුරවන් බලන් ශෙනාව.

" සතිෂ්..? " ඇය පුදුමෙන් ඔහු දෙස මොහොතක් බලා සිටියා. 

" අනේ සතීෂ් " මොහොතකින් හරි සිහියට එලඹුනු ඇය ශෙනා හෙවත් සතීෂ්ට දැඩිව තුරුලු උනා. 

" මගේ දෙයියෝ ඔයා ජීවත් වෙනවා.. අනේ මගේ සතීෂ්..... අනේ මට මේක දරාගන්න බෑ.. " මදූ ශෙනා ගෙ මුලු මූණම සිපගත්තේ පිස්සුවෙන් වගේ. ඒත් ශෙනා නිහඬයි. ඒත් මොහොතකට ඇයට ආයි සියල්ල විනාශ වුනා වගේ දැනුනේ ශෙනා ඇයව ඔහුගේ තුරුලෙන් මෑත් කරහමයි. 

" සතීෂ් " මදුමාලි යමක් කීමට පැවසුවත් ඔහු අතින් සන් කොට ඇයව නැවතුවා. 

නැගිටගත් ඔහු නලල මිරිකමින් දෙපැත්තට ඇවිද්දෙ තවමත් මේ කිසිවක් අදහගත් නොහැකි නිසාම වෙන්න ඇති. විනාඩියෙන් විනාඩිය ගත වෙද්දි සතීෂ වගේම මදුමාලිත් ශෙනා දිහා දෑස් දල්වාගෙන බලාගෙන හිටියෙ.

පැයකට ආසන්න කාලයක් ඔහු කල්පනා කරමින් දෙපැත්තට ඇවිද්දේ තමා ලඟ සිටින දෙදෙනා අමතක කරමින්. එක්වරම මදුමාලි දිහා මෙන්ම සතීෂ දිහාත් බලපු ශෙනා දුක්බර සුසුමක් හෙලුවේ මදුමාලිගේ හිත කම්පා කරමින්. 

" මන් අද හැඟීම් වලට වහල් උනා. ශිට් අද මේ ගමන නොයෙන්නයි මට තිබ්බේ. " ඔහුගේ හඬින් සතීෂ වගේම මදුමාලිත් ගැස්සුනා. 

" මහත්තයෝ මොනාද මේ කියන්නේ? " මදුමාලි ඇහුවේ අඬන නෙත් ඔහු දෙසට යොමු කරන්. 

වෙනදා වගේම මදුමාලිගේ ඇස් වල තිබ්බ කඳුලු දැකලා ශෙනාගේ හිත ගැස්සුනත් ඔහු ඒක පිටතට පෙන්නුවේ නෑ. ඒත් සතීෂ් ගේ හැම හැසිරීමක්ම වගේම ඒ ඇස් කියවන්න පුලුවන් උන මදුමාලිට ගැස්සුන ශෙනාගෙ හදවත කියවන්න පුලුවන් උනා. 

මන් වරදක් කරා.... ශෙනාට හැඟී ගියා. 

" මදුමාලි, සතීෂ... ඔයාලගේ සතීෂ් මැරිලා ගොඩක් කල්. ශෙනා කියන පාතාල නායකයා තමා දැන් ඉන්නේ. මට සමාවෙන්න මදුමාලි. මන් හිතුවේ නෑ ඔයාලා ජීවත් වෙනවා කියලා. ඒත් දැන් ඔයාලා ජීවත් වෙනවා කියලා දන්නවා වුනත් මට ඔයාලා ගාවට එන්න බෑ. මොකද මන් දැන් මාතර ශෙනා. මට තියනවා අරමුණක් ඒ අරමුණ ඉශ්ට කරගන්නකන් මට ආපහු හැරෙන්න අවස්ථාවක් නෑ. අද මන් හැඟීම් වලට වහල් වෙලා මේ ගමන ආව එක වැරදියි. දැන් ඒක වෙලා ඉවරයි. සතීෂ ඔයාට මගෙනුත් මගේ ගෝලයන්ගෙනුත් කිසිම කරදරයක් වෙන්නේ නෑ. හැබැයි ඔයාගේ අනිත් ඔෆිසර්ස්ලට වෙන කරදර වලට මට මුකුත් කියන්න බෑ. මාව මරන්න චාන්ස් එකක් හම්බුනොත් ඒ චාන්ස් එක රුක්ශාන් ට හරි මලින්දට හරි දෙන්න. ඔයා තාත්ත මරලා පව් පුරෝගන්නවට මන් කැමති නෑ.." ශෙනා ගේ තියුණු දැඩි හඬ මුලු නිවස පුරාම දෝංකාරය දුන්නා. 

" අනේ මහත්තයෝ... " 

මදුමාලිට මේ වෙන කිසිම දෙයක් පැහැදිලි නෑ. 

අඬ අඬ හිටපු සතීෂ එක පාරටම නැගිටලා තුවක්කුව අතට ගත්තා. 

" ඔයා මගේ තාත්තා නෙමේ. මන් ඒක පිලිගන්නේ නෑ. මන් මේ ලෝකේ ගොඩක්ම ගරු කරපු ආදරේ කරපු පිරිමි චරිතේ ඔයා නෙමේ. ශෙනා මැරෙන්න ලෑස්ති වෙයන්... අද මන් මේ අවස්ථාව මිඩ් කරගන්නේ නෑ.. මන් මගේ රාජකාරිය හරියටම ඉශ්ට කරනවා. මගේ තාත්තා ගැන කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ.. " කෑ ගහලා එහෙම කියපු සතීෂ ශෙනා දිහාට තුවක්කුව එල්ල කලා. 

" පුතා එපා... " 

මදුමාලි ශෙනා ඉස්සරහට පැන්නත් ශෙනා මදුමාලුව අතින් එහාට තල්ලු කරා. තල්ලු කරපු පාරට මදුමාලි බිම වැටුනෙත් සතීෂ ගෙ තුවක්කුවෙන් ශෙනාට වෙඩි තිබ්බෙත් එකම වෙලාවෙදි. 

" අහ් " කියන හඬත් සමඟම කන් වගේම ඇස් දෙක තද කරලා පියාගත්ත මදුමාලිගෙ යටිගිරියත් හැමතැනම පැතිරුණා... 

... ඊලග කොටසින් හමුවෙමු ... 

තව කොටස් තුනක් හෝ හතරක් තමා තියෙන්නේ. අද කොටස හොදද මන්දා... ක්ලාස් එකේදි කලබලෙන් ටයිප් කරගත්තා. 

පෙර කොටසට 👇 
https://m.facebook.com/story.php?story_fbid=137692420528553&id=100028633866832

© කතෲ අයිතිය සුරකින්න. 

✒️ සිත්මි ✒️

❤️ හඬනා ඔය නෙත් ❤️

💜 02 කොටස

********* 

" ඔව් බන්... අපි ඉස්සරහට යමු... " එතකොටම මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පුන සතීෂ බිම වැටුනා.

සතීෂ ඒ මනුස්සයා දිහා බැලුවේ කේන්තියෙන්. ඒ මූණ දැක්ක සතීෂ ගෙ ඇස් මහත් වුනේ නොසිතූ මොහොතක සිදු වුන දේ හිතා ගන්න බැරුව.

" අනේ මහත්තයා සමාවෙන්න. මහත්තයට තුවාලද? " ඒ මිනිහා පිණ්සෙන්ඩු උනා.

" නෑ ප්රශ්නයක් නෑ.... ඔයාද සයිමන් කියන්නේ? " ඒ මිනිහගේ අතේ එල්ලිලා නැගිටින ගමන් සතීෂ ඇහුවේ නැවත ඒ මූණ තියුණු ලෙස නිරීක්ශනය කරමින්.

" ඔව් මහත්තයෝ... මහත්තයලද අර හම්බුවෙන්න එනවා කිව්ව පොලිසියේ මහත්වරු. " සයිමන් බිම බලාගෙන ඇහුවා.

" හ්ම්ම්ම් සයිමන් අපි යන් කතා කරන්න පුලුවන් තැනකට. "

" හරි මහත්තයෝ. "

මොකක්දෝ හේතුවකට සතීෂ ට සයිමන් ගැන අවිශ්වාසයක් හිතුනේ නෑ.

තාත්තගේ මූණමයි.... සතීෂ ට හිතුනේ එහෙම.

අම්මගෙන් ගිහින් අහන්න ඕනේ තාත්තට නිවුන් සහෝදරයෙක් හිටියද කියලා... සතීෂ නැවත වතාවක් සයිමන් ගේ මූණ දිහා බලන් හිතුවා.

" වාඩිවෙන්න මහත්තයෝ.. අපි වගේ අය මෙතනින් තමා ඉතින් කෑම ගන්නේ. " කට්ටියව සයිමන් ටිකක් විතර අපිරිසිදු කඩේකට එක්කන් ඇවිත්.

" කමක් නෑ මේ වගේ තැන් අපිටත් පුරුදුයි. " මලින්ද පිලුතුරු දුන්නා. කට්ටියම වාඩි වුනා.

" මහත්තයලට දැන් මොනාද දැනගන්න ඕනෙ? "

" අපිට ශෙනා ගැන හැමදෙයක්ම දැනගන්න ඕනේ. මට කලින් ඔෆිසර් කිව්වා ඔයා උදව් කරා. "

" ඔව් මහත්තයෝ.. "

" දැන් එතකොට ඇයි සයිමන් අපිට උදව් කරනෙනේ? සයිමන්ට මොකක් හරි තරහක් තියෙනවද ශෙනා එක්ක. "

" අනේ නෑ මහත්තයෝ... මොකක්ද මහත්තයෝ නම? "

" මම සතීෂ මේ රුක්ෂාන් මේ ඉන්නෙ මලින්ද. " සතීෂ නම් කිව්වහම සයිමන් ගැස්සෙනවා තුන්දෙනාම බලාගෙන.

" සතීෂ? "

" ඔව් සයිමන් මන් සතීෂ මදුමාල් වීරක්කොඩි. " සතීෂ සම්පූර්ණ නම කියද්දි සයිමන් පුදුමෙන් කට ඇරගෙන සතීෂ දිහා බලන් හිටියා.

දෙයියනේ මේ මොකක්ද මේ වෙන්නේ... සයිමන්ට හිතුනා.

" මහත්තයා සතීෂ් ශෙනාල් වීරක්කොඩි ගේ පුතාද? "

" ඔව් සයිමන් මගේ තාත්තාව දන්නවද? " සතීෂ් ද ඇහුවේ පුදුමෙන්. ඇහුව ගමන් සයිමන් කලේ නැගිටපු එක. නැගිටලා සතීෂ ගේ ඔලුවට තුවක්කුවක් තිබ්බා. සතීෂ තරහෙන් නැගිටිනකොට වටපිටේ හිටපු කට්ටියත් සතීෂලා දිහාට තුවක්කු දික් කරා.

" මොකක්ද තමුන්ට ඕනෙ? " සතීෂ ඇහුවේ කේන්තියෙන්.

" කතා කරන්න ඒත් මෙතන බෑ. සද්ද බද්ද නොකර මා එක්ක ආවනම් හොදයි. " සයිමන් එහෙම කියද්දි සතීෂ කටවහගත්තා.

" සයිමන් ඔයාට සතීෂ් අන්කල් එක්ක තරහක් තියනවද? " මලින්ද ඇහුවා.

" ඔව් ඒත් සතීෂ පුතා එක්ක මට තරහා නෑ. මන් සතීෂ් ගැන කියන්න එන්න කියන්නේ. බයවෙන්න එපා පුතාලා මන් ඔයාලට කිසි කරදරයක් කරන්නෙ නෑ. " නවීන පන්නයේ වාහනයක් කඩේ ගාව නැවැත්තුවා. සයිමන් ඒ දිහා බලලා ඇදගෙන හිටපු සරම ගැලෙව්වා. ඇදගෙන හිටපු හම්පඩ ටී සර්ට් එකත් ගැලෙව්වා. සතීෂලා කට ඇරන් බලන් හිටියේ. දැන් හිටියේ අලුත් සයිමන් කෙනෙක්. දුඹුරු දිග කලිසම, ගොම කොල පාට පටි තියෙන ශර්ට් එක සයිමන්ට නියම තේජසක් ගෙනාවා. සයිමන් ගාවට ආපු තලෙලු කෙට්ටු මනුස්සයෙක් සයිමන් දිහාට සපත්තු දෙකක් දික් කරා. සයිමන් ඒක දාගන්න වාඩි උනා.

" මොනාද බන් මේ වෙන්නේ? අපි හීනයකවත් දකිනවද? " රුක්ෂාන් සතීෂ ගේ කණට කොඳුරලා ඇහුවා.

" පිස්සුද මිනිහෝ අපි තුන්දෙනා එකම හීනේ දකිනව කියලාද කියන්න හදන්නේ. මෝඩ කතා නොකියා ඉන්නවා. මේක තාත්තා ගැන දෙයක් නිසා තමා මන් නිකන් ඉන්නේ. නැත්නම් මෙලහකට මන් මූව මරලා. " සතීෂ ද රුක්ෂාන් ට කෙදිරුවා.

" ඒකනම් එච්චර ලේසි වෙන්නේ නෑ කොල්ලෝ. මාව මරන එක ඔයාට ලේසි වෙන්නේ නෑ වගේම ඔයාට මන් මාව මරන්න ඉඩ දෙන්නෙත් නෑ. "

" ඇයි ඒ? " මලින්ද ඇහුවා.

" ඒ ඇයි ඒ කියලා පස්සේ දැනගන්න ලැබෙයි. දැන් ගිහින් අර කාර් එකට නගින්න. " සයිමන් කිව්වේ අණ කරන හඬකින්.

" නැග්ගේ නැත්තම්....? " සතීෂ අභියෝගාත්මක හඬකින් ඇහුවහම සයිමන් කටකොණකට හිනා උනා...

අම්මප ඒ හිනාවේ ලස්සන... මන් දන්න කෙල්ලෙක්ටවත් නෑනේ යකෝ මේ වගේ හිනාවක්........ සතීෂ හිතුවා.

" එහෙම වුනොත් සතීෂ ට තාත්තා ගැන දැනගන්න බැරිවේවි. එහෙම කැමතිනම් නැවතුනාට කමක් නෑ. "

" හරි එන්නම්... "

**********

සයිමන් සුවපහසු සුන්දර ඒත් පොඩි ගේකට කට්ටියවම එක්කගෙන ආවා.

" මේ මගේ නිගමනයමද උඹලත් දරන්නේ? " සතීෂ කටහඬ අඩු කරලා ඇහුවා.

" ඔව් මේකා තමා ශෙනා කියන්නේ. ආයි අටුවා ටීකා ඕනෙ නෑ. "

" අටුවා ටිකා කොහොමත් ඕනෙ නෑ බොල. මොකෝ ඒවයෙ ශෙනා කියලා එකෙක් ගැන ලියලා තියවනද නෑනේ. "

" කතාව නවත්තලා ඇතුලට ආවනම්... "

සතීෂයි රුක්ෂානුයි මලින්දයි වටපිට බල බල ගේ ඇතුලට ආවා. එතකොටම වගේ රොට්වයර් කලු ලොකු බල්ලෙකුයි ජර්මන් ශබඩ් බල්ලෙකුයි දුවගෙන ආවා. මුන් දෙන්නව දැක්කා විතරයි ගෑණියෙක් වගේ මලින්ද රුක්ෂාන් ගේ ඇගට පැන්නා. මේක දැක්ක සයිමන් වගේම සයිමන්ගේ ගෝලයො ටිකත් මහ හයියෙන් හිනා උනා. ඒකට මලින්දට ටිකක් ලැජ්ජ හිතුනද කොහෙද...

" ෂැඩෝ, බ්රෝව දෙන්නම යන්න කාමරේට.. මන් එන්නම් හොදේ. " සයිමන් බල්ලො දෙන්නා දිහා බලලා කිව්වහම බල්ලෝ දෙන්නා ගේ ඇතුලට දුවගෙන ගියා.

" හරි ඔය පුතාලා ටික වාඩි වුනා නම් " සයිමන් වාඩි වෙලා කිව්වහම මේ තුන්දෙනත් සයිමන් ඉස්සරහ තිබ්බ ලොකු සෙටි එකෙන් වාඩි උනා.

" දැන්වත් කියන්න තාත්තා ගැන මොනාද කියන්න තියෙන්න්නෙ කියලා.. "

" සතීෂ මන් කියන්නම් ඉවසන්න. මන් ඒ විස්තර කියන්න කලින් මට දැනගන්න ඕනෙ දේවල් වගයක් තියනවා. "

" මොනාද ඒ? "

" ඔයයි ඔයාගේ අම්මයි ජීවත් වෙන්නේ කොහොමද? මට ආරංචි උනේ ඔයාලා දෙන්නවත් තාත්තා වගේම මැරුවා කියලා. "

" නෑ ශෙනා තාත්ත ඒ මිෂන් එකේදි මැරුනහම අපිට ඩිපාර්ට්මන්ට් එකෙන් දැනුම් දුන්නා අපිට එහෙන් ඉවත් වෙන්න කියලා. අපිටත් මරණ තර්ජන තියනවා කියලා. එහෙම තමා අම්මා කිව්වේ. තාත්තා මැරෙනකොට මට අවුරුදු 4ක් වගේ. "

" ඔහ් මාව අදුරගෙන... හරි පුතාට තාත්තව මතකද? "

" ඔව් මට තාත්තව අමතක වෙන්නේ නෑ කවදාවත්.. ශෙනා ගෙ මූණත් තාත්තගෙ වගේමයි. ශෙනා තාත්තගෙ කවුද? "

" ඒකත් මන් පස්සෙ කියන්නම්. පුතා මට කියන්න එතකොට අම්මට කොහොමද ඔයාගේ? "

" අම්මනම් හැමදාම තාත්තව මතක් කරලා අඬනවා. පව් අම්මා. අම්මා හැමදාම කියන්නේ අම්මා ජීවත් වෙන්නේ මන් නිසා කියලා."

" දෙයියනේ.. " ශෙනා අත් දෙක ඔලුවෙ තියාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. කවුරුත් එයාට බාධා කරේ නෑ.. මොහොතින් මොහොත ගෙවිලා යද්දි සතීෂ ට තවත් ඉවසන් ඉන්න බැරිවෙච්ච නිසාම සතීෂ කට ඇරියා.

" ශෙනා මගේ තාත්තා ගැන මොකක්ද ඔයාට කියන්න තියෙනෙන්? ' ශෙනා හිමින් සැරේ ඔලුව උස්සලා සතීෂ දිහා බැලුවා. ඒ ඇස් වල ලාවට කදුලක් මෝදු වෙලා තියනවා දැකලා හැමෝම ගැස්සුනා.

" ඔයාගෙ තාත්තා ජීවත් වෙනවා. "

... ඊලග කොටසින් හමුවෙමු ...

නිදිමතින් ලිව්වේ හොදද මන්දා අප්පා. මේක කොටස් 5ක විතර කතාවක්. ගොඩාක් දිගට ලියලා පුරුද්දක් නෑ මට. හෙට උදේට දාන්න බැරිවෙයි මට ක්ලාස්. රෑට දාන්නම්.

පෙර කොටසට 👇

© කතෲ අයිතිය සුරකින්න.

✒️ සිත්මි ✒️

❤️ හඬනා ඔය නෙත් ❤️ 

💜 01 කොටස

********* 

"...මෙන්න දැන් ලැබුනු පුවතක්. සෞඛ්ය අමාත්ය තේමිය විජේකෝන් මහතාව මොහොතකට පෙර කෘර ලෙස ඔහුගේ නිවසේදී ඝාතනය කොට තිබේ.. එතුමා එම මොහොතේ ආරක්ෂකයින්ද සමඟ නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුලු දරුවන් ඒ මොහොතේ නිවසේ නොසිටි බව සැලවේ.... ආරක්ශකයින් තිදෙනෙක් මිය ගොස් ඇත. තවත් ආරක්ශකයින් රැසකට බරපතල ලෙස තුවාල සිදුවූ ඇති නිසා ඔවුන්ව රෝහල් ගත කොට ඇති බව ආරංචි මාර්ග පවසයි... පොලීසිය මෙයට පාතල නාකය මාතර ශෙනා නම් පුද්ගලයාව සැක කරයි... එම පුවත නැවතත්.... " මදුමාලි ටීවි එක ඕෆ් කලේ රට ගැන ඇති වුන කලකිරීමෙන්. ඇයට එක්වරම මතක් උනේ ඇයගේ සැමියා සතීෂ් ව. ඔහුව ඇය මතක් කලේ සතුටින් මෙන්ම දොම්නසින්. 

අනේ අද එයා හිටියනම්... ඇයට සිතුනේ එහෙම. 

" අම්මා... " පුතාගෙ හඬින් ගැස්සුන ඇය දැක්කේ පුතා තමන් දිහා කල්පනාකාරීව බලන් ඉන්නවා. 

" ඇයි පුතේ? " 

" අම්මා ඇයි අඬන්නේ? තාත්තව මතක් උනාද? " අතේ තිබුණ තුවක්කුව ඉනේ රඳවගත්තු සතීෂ අම්මා ගාවින් වාඩි උනේ මවගේ ඇස් වල තිබ්බ කඳුලු පිහිදමමින්. 

" ඔව් පුතේ. තාත්තා හිටියනම් මාතර ශෙනා කියලා කෙනෙක් මෙච්චර උඩ යන්නේ නෑනේ. " ඇය කීවේ සතීෂ ගේ උරහිසින් ඔලුව තියලා. 

" අම්මා මොනා උනත් ශෙනා කියන එකා අහිංසක මිනිස්සු මරන්නේ නෑ. කුඩු බිස්නස් කරන්නේ ගණිකා මඩම් කරන්නේ නෑ. ඒ අතින් ඌ හොද මිනිහෙක් අම්මා. " මවගේ හිස අතගාමින් සතීෂ කියද්දි හිස ඔසවපු මදුමාලි ඔහු දෙස බැලුවෙ තරහින්.

" ඒ වුනාට ඒ මිනීමරුවෙක් පුතා. " 

" ඒ අතින් බලනකොට මේ මිනිස්සු හැමෝම මිනීමරුවෝ. " මදුමාලි පුතා දිහා බැලුවෙ පුදුමෙන්. 

" ඇයි ඒ? " 

" අපි කොච්චර සත්තු මරනවද? මදුරුවො කූඹි එහෙම... " එය කියනවාත් සමඟම මදුමාලි ඉකිගසමින් සතීෂට තුරුලුවෙද්දි සතීෂ කලබල වුනා. 

" අම්මා ඇයි? අනේ ඇයි අඬන්නේ? " 

" තාත්තත් ඔහොම්මම ඉස්සර කිව්වා පුතේ. " ඇයට මතක් වුනේම ඉස්සර දවසක සතීෂ් කිව්ව දේ. 

' මේ ලෝකෙ හැමෝම එකම එක ප්රාණයක් හරි නසලා තියනවා මදූ. ' 

" හ්ම්ම්ම්... අමතක කරන්න උත්සහ කරන්න අම්මා. තව කොච්චර දවසක් කියලා අම්මා කඳුලු බොන්නද? " 

" එහෙම කියන්න එපා පුතේ... සතීෂ් මැරුනහම මන් ජීවත් වුනේ මගේ පුතා නිසා. නැත්නම් මන් මෙලහකට මැරිලා. ඉවසන් හිටියේ ඉවසන් ඉන්නේ ඒ ඔයා නිසා. මන් දන්නවා පුතා කැමති නෑ මන් අඬනවට. ඒත් මට අඬලා හරි වේදනාව පිට කරගන්න දෙන්න පුතේ. " ඇය හඬමින්ම කියද්දි සතීෂ මව ව දැඩිව තුරුලුකරගත්තේ අම්මා ගැන දැනුනු දැඩි සෙනහසකින්. 

********** 
සතීෂ උදේ පාන්දරින්ම තම ප්රාධානියව හම්බුවෙන්න ඔහුගේ කාර්යාලයට පිය නැග්ගේ ඔහු එන්න කියූ නිසාවෙන්. 

" ගුඩ් මෝර්නින් සර් " ඔහු ඉදිරියේ සීරුවෙන සිටගෙන සතීෂ ආචාර කරා. 

" ගුඩ් මෝර්නින් සතීෂ. වාඩි වෙන්න. " සතීෂ සිනහමුසුව ඔහු ඉදිරියෙන් වාඩි උනා. 

" සතීෂ ඔයා දක්ෂ නිලධාරියෙක්. ඒ නිසා අපි ඔයාට අලුත් මිශන් එකක් භාරදෙනවා. ඔයාගේ අලුත්ම ටාගට් එක තමා මාතර ශනා.... එයාව කොහොමහරි අල්ල ගන්න ඕනේ... අපි මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක්ම යෙදෙව්වත් මේ වෙනකන් අපිට ශනාව අල්ලගන්න ලැබුනේ නෑ. ඉහලින් අණ ලැබුනේ ශනාව මරන්න කියලා. ඒත් මට ඕනේ එයාව අල්ලගන්න. මොකද එයා මේවා කරන්නෙ ඇයි කියලා මට මාර කුතුහලයක් තියෙන්නෙ. මොකද ඌ අනිත් මැරයින්ට වඩා ගොඩාක් වෙනස්... ගුඩ් ලක් පුතා... "

" තෑන්ක්ස් සර්. මන් මේක කොහොමහරි කරනවා. " 

" ඔයා හරියට සතීෂ් වගේමයි. සතීෂ ගෙ තාත්තත් කවදාවත් පහුබැස්සේ නෑ. මන් හිතනවා පුතාටත් තාත්තගේ මොලේ තියනවා කියලා. " 

" තෑන්ක්ස් සර්... අනිවාරෙන්ම මොකද මන් තාත්තගෙම පුතානේ. " 

********** 

" මචන් එතකොට අපි දැන් කවද්ද පටන් ගන්නේ? " රුක්ෂාන් ඇහුවේ සතීෂගෙන්. 

" අදම මේ දැන්ම... අපි මුලින් කරන්න ඕනේ ශෙනා ගැන තොරතුරු හොයන එක. ඊට පස්සේ අපි ඌව අල්ලගන්න ප්ලෑන් කරන්න ඕනේ. " සතීෂ කිවේ දැඩි තීරණාත්මක හඬින්. 

" සතියා.... අපි කලින් ඔෆිසර්ස්ලගෙන් අහලා ඉමු නේද? " මලින්ද ඇහුවා. 

" ඔව් ඒක ප්රධානයි.... " එවිටම වාගෙ සතීෂ් ගේ ෆෝන් එක රිංග් වෙච්ච නිසා සතීෂ් ෆෝන් එක බලලා ආන්සර් කරා. 

' කියන්න අම්මා ' 

' පුතා වැඩකද? දැන් ගෙදර එන්න පුලුවන්ද? ' ඔහු කලබල වුනේ ඇයගේ හැඬුම් හඬ ෆෝන් එකේ දිගේ ගලාගෙන ආපු නිසා. 

' ඇයි අම්මා... මොකක්ද ප්රශ්නේ? ඇයි අඬන්නෙ ' 

' ඔයාගේ තාත්තගෙ අක්කා ඇවිත්... දේපල ඉල්ලනව.... කැත විදිහට බැන්නේ පුතේ.... ' ඇය හඬමින්ම පැවසුවා. 

' මන් එන්නම් අම්මා... ' සතීෂ ඇමතුම විසන්ධි කලේ කලකිරිනු සිතින්... 

" මොකක්ද අවුල බන් " මලින්ද ඇහුවේ සතීෂ ගේ මූණ පරීක්ෂාවෙන් බලන ගමන්. 

" ලොකු නැන්දා ඇවිත්ලු බන්. අම්මට බැනලා. තාත්තගේ දේපල ඉල්ලනවලු. " 

" අනේ අම්මපා මේ වගේ අක්කලා... " රුක්ෂාන්ද කිව්වේ කලකිරිනු හඬින්... 

" එක එකේවා කියවගෙන ආවොත් අම්මපා බනිනවා. නැන්දා තාම දන්නේ නෑ මන් පොලීසියේ කියලා. " 

" පරිස්සමෙන් බන්. " 

********** 

" උඹ තමා මගේ අයියව මරාගත්තේ.... දේපල අරගෙන පැනලා ගිහින් දැන් සැප විදිනවා... මන් මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මන් පොලීසි යනවා. " සතීෂගේ ලොකු අම්මා නිල්මිණී අඬන මදුමාලිට බැනවැදුනේ සිත් පිත් නැති ලෙසින්. 

" පොලීසි යන්න ඕනේ නෑ. ගෙදරම පොලීසියෙ කෙනෙක් ඉන්න කොට. " ඒ හඬ සතීෂ ගෙ. නිල්මිණී වගේම මදුමාලිත් සතීෂ දිහා බැලුවා. සතීෂ ගෙ මව මදුමාලි සතීෂා දිහාට දුවගෙන ගියා.

" මො..ක..ක්.. පුතා පොලීස්සියේද? " නිල්මිණී ඇහුවේ පුදුමෙන් ගොත ගහ ගහා.... 

" ඔව් ලොකු නැන්දට ඒක ගැන ප්රශ්නයක් තියනවද? " 

" අහ් නෑ මේ... මන් යනවා... " නිල්මිණී බයෙන් බයෙන් සතීෂ ව පහු කරන් ගියා. 

" මේකත් අහගන්න ලොකු නැන්දේ. සීයා දේපල සමසමව බෙදුවේ. තාත්තගේ කොටස එවෙලෙම තාත්තා මට ලිව්වා. අනික තාත්තගේ දේපල වලට ඔයාට අයිතිවාසිකම් කියන්න බෑ. ආයි මෙහෙ ඇවිත් අම්මට බැනලා තිබ්බොත් මන් මෙච්චර ඉවසිල්ලෙන් කතා කරන්නේ නෑ. දැන් යන්න පුලුවන්. " සතීෂ දිහා පුදුමෙන් මෙන්ම බයෙන් බලපු නිල්මිණී ඉක්මන් ගමනින් ගෙයි පිට වෙලා ගියා. 

" අනේ පුතේ... " 

" දැන් අඬන්න එපා අම්මේ... අම්මට මෙච්චර ශෝයි පුතණ්ඩියෙක් ඉද්දි ඔය කොහෙවත් ඉන්න ගෑණුන්ට දෙනවද මන් අම්මට බනින්න අප්පා.... " 

********** 
" සතීයා ශෙනා ගැන දන්න මනුස්සයා මෙතනට නේද එනවා කිව්වේ? " රුක්ෂාන් ඇහුවේ පරික්ෂාකාරීව අවට පිරික්සමින්. 

" ඔව් බන්... අපි ඉස්සරහට යමු... " එතකොටම මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පුන සතීෂ බිම වැටුනා. 

සතීෂ ඒ මනුස්සයා දිහා බැලුවේ කේන්තියෙන්. ඒ මූණ දැක්ක සතීෂ ගෙ ඇස් මහත් වුනේ නොසිතූ මොහොතක සිදු වුන දේ හිතා ගන්න බැරුව. 

... ඊලග කොටසින් හමුවෙමු ...

පෙර කොටසට 👇 
https://m.facebook.com/story.php?story_fbid=137352650562530&id=100028633866832

© කතෲ අයිතිය සුරකින්න. 

✒️ සිත්මි ✒️

❤️ හඬනා ඔය නෙත් ❤️ 

💜 පෙරවදන 

********** 

🔴 මාතර ශනා... 

"...මෙන්න දැන් ලැබුනු පුවතක්. සෞඛ්ය අමාත්ය තේමිය විජේකෝන් මහතාව මොහොතකට පෙර කෘර ලෙස ඔහුගේ නිවසේදී ඝාතනය කොට තිබේ.. එතුමා එම මොහොතේ ආරක්ෂකයින්ද සමඟ නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුලු දරුවන් ඒ මොහොතේ නිවසේ නොසිටි බව සැලවේ.... ආරක්ශකයින් තිදෙනෙක් මිය ගොස් ඇත. තවත් ආරක්ශකයින් රැසකට බරපතල ලෙස තුවාල සිදුවූ ඇති නිසා ඔවුන්ව රෝහල් ගත කොට ඇති බව ආරංචි මාර්ග පවසයි... පොලීසිය මෙයට පාතල නාකය මාතර ශෙනා නම් පුද්ගලයාව සැක කරයි... එම පුවත නැවතත්.... " 

🔴 සතීෂ මදුමාල් 

" සතීෂ ඔයා දක්ෂ නිලධාරියෙක්. ඒ නිසා අපි ඔයාට අලුත් මිශන් එකක් භාරදෙනවා. ඔයාගේ අලුත්ම ටාගට් එක තමා මාතර ශනා.... එයාව කොහොමහරි අල්ල ගන්න ඕනේ... අපි මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක්ම යෙදෙව්වත් මේ වෙනකන් අපිට ශනාව අල්ලගන්න ලැබුනේ නෑ. ඉහලින් අණ ලැබුනේ ශනාව මරන්න කියලා. ඒත් මට ඕනේ එයාව අල්ලගන්න. මොකද එයා මේවා කරන්න ඇයි කියලා මට මාර කුතුහලයක් තියෙන්නෙ. මොකද ඌ අනිත් මැරයින්ට වඩා ගොඩාක් වෙනස්... ගුඩ් ලක් පුතා... " 

ඔයාලා මේකට කැමති වෙයිද මන්දා.... 

© කතෲ අයිතිය සුරකින්න. 

✒️ සිත්මි ✒️